(බන්දුල ඉලේපෙරුම)
ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙරට උපකාරක පන්ති කරන ගුරුවරු ලක්ෂ 3 ක් සිටින බවත්, උපකාරක පන්ති පවත්වන ආයතන 25000 ක් පවතින බවත් මේ වන විට සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වී ඇති බවත්, මතුව ඇති තත්ත්වය පාලනය සඳහා රජය කඩිනම් පියවර ගතයුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය.
උපකාරක පන්ති ආරම්භ නොකිරීමෙන් විශාලතම අසාධාරණය සිදුව ඇත්තේ ළමයින්ට බවත්, මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය අසාර්ථක බවත්,බොහෝ ළමයින්ට තාක්ෂණික උපාංග නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටි අතර මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යනු ලබන්නේ නම් අධ්‍යාපනය බිඳවැටීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ රැකියා වෙළඳපොලේ අසමතුලිතතාවයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
“කොවිඩ් 19 ප්‍රශ්නය විසඳීම සඳහා සාධාරණ සහ යුක්ති සහගත වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක කරනවා. ලොව කිසිම රටක මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම සාර්ථක නහැ. බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව ,ප්‍රංශය වැනි රටවලද පාසල් වසා දමා තිබෙනවා.රටේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක සාර්ථක හෝ අසාර්ථක බව මැනීම කළ යුත්තේ එම වැඩපිළිවෙල අවසානයේදීයි. ආර්ම්භයේදී නොවේ. අමාත්‍ය මණ්ඩලය පත්වී තවම මාස 05 යි වෙන්නේ. රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනවාරි 25 උපකාරක පන්ති අරඹන්න යයි