(බිඟුන් මේනක ගමගේ)
ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සැකසීමට පියවර ගන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා අද(9) පැවැසීය.
සෙසු සහෝදර මාධ්‍ය සංවිධාන සම්බන්ධ කරගනිමින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ හා වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ද ලබාගනිමින් මෙම ප්‍රඥාප්තිය සැකසීමේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි දුමින්ද සම්පත් මහතා කීය.
1996 ආර්.කේ.ඩබ්.ගුණසේකර වාර්තාව, 1998 කොළඹ ප්‍රකාශනය, 2005 තෝලංගමුව ප්‍රකාශය, 2006 වැලිගම ප්‍රකාශනය ආදී ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කර ඇති පදනම් ලියැවිලි මෙම ප්‍රඥප්තිය සැකසීමේ සැළකිල්ලට ගන්නේ යැයි ද සභාපතිවරයා අවධාරණය කළේය.
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් මෙන්ම වගකීම් යන දෙපාර්ශවයේම බරපතල කඩාවැටීමක් ඇතැයි කී හෙතෙම ජනමාධ්‍යවේදියාගේ වෘත්තීකභාවය ප්‍රශ්න කිරීමට එය ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන (MEND) යටතේ USAID හා IREX යන ආයතන මෙම ප්‍රඥාප්තීය සැකසීමට අවශ්‍ය පහසුකම් සපයන්නේ යැයි ද සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන පාර්ශවකරුවෙකි.
COMMENTS
දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න ගියාම මොන ප්‍රඥප්තියක්වත් හරියන්නේ නැහැ. ඉස්සෙල්ලාම සියලු වෘත්තිකයින් එකතුවී නුසුදුස්සන්ව දේශපාලනයෙන් සදහටම ඉවත් කරන්න සැලසුම් කළොත් අනාගත රටක් තියේවි සියලුදෙනාටම යහතින් ජීවත්විය හැකියි.
අද ඉන්න හරියක් ඉන්නේ කුණු රසම හොයන එහෙම නැත්තං හිට්වෙන දෙයක් තමන්ට ඕනෑ විදිහට ඒකපාර්ශවීයව වාර්තා කරන, දේශපාලනඥයින්ගෙ ඕනෑ එපාකම්වලට පක්ෂග්‍රාහීව කඩේයන අය කියාගන්න තවත් ගොසිප් කරුවන් පිරිසක් තමයි.
දේශපාලනඥයින්ට පසුව රටේ සාමාජීය විනාශයට වැඩිපුරම වගකියන්න ඕනෑ මේ අය. අනිවාර්යයෙන්ම හොඳ යාමනයක් අවශ්‍යයි ඉක්මනින්ම. ඔවුන්ට ඇති වෘත්තීය නිදහස වැඩියි. එහෙම කරලා බේරිලා ඉන්නේ රටේ නීතියේ තියෙන අඩුපාඩු නිසා සහ දෙනදෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්න මිනිස්සු නිසා.
බඩගෝස්තරය වෙනුවෙන් තමයි ඔක්කොම...