IMG-LOGO

ජනපති හමුවෙන්න කමිටු සාමාජිකයන්ගේ අකමැත්ත

(අංජුල මහීක වීරරත්න)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටු සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එම කමිටුවේ බහුතරයකගේ විරෝධය පළ වී තිබේ.

ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයකු හරහාම ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අද (11) 2.00 ට රැස්වූ කමිටු සාමාජිකයන් සාකච්ඡා කර ඇති අතර බහුතරයකගේ මතය වී ඇත්තේ එසේ හමුවීම සුදුසු නොවන බවයි.

කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් නැති බව සිය පෞද්ගලික මතය බව කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා වෛද්‍ය නලීන්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රකාශ කළහ.

එසේ හමුවීමට අවශ්‍ය නම් කමිටුව පළමු වරට රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් කැඳවා සාකච්ඡා කළ හැකිව තිබූ බව කී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන මේ මොහොතේ මෙලෙස හමුවීම සදාචාර සම්පන්න නොවන බවද ඔහු කීවේය.

කතානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කමිටුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශව සමඟ කටයුතු කිරීම ප්‍රායෝගික නොවන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

ජනපති හමුවෙන්න කමිටු සාමාජිකයන්ගේ අකමැත්ත

සෙනෙවිරත්න Tuesday, 11 June 2019 09:44 AM

නිවැරදි තීරණයක්

:       0       94

රවින් Tuesday, 11 June 2019 10:08 AM

හිතුවද දන්නේ නැහැ සම්තින් එකක් යටින් දීලා වැඩේ ශේප් කරගන්න. ගල් ටික් තමයි.

:       0       116

de silva Tuesday, 11 June 2019 10:26 AM

ඔව් ඔබලා හරි, ජනධිපතිවරයා හමුවන්න වෛද්‍ය නලින් ජයතිස්ස යවන්නේ නැතුව, මෙම ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්නට නම් හොඳ මනෝවෛද්‍යවරයකු යවන්න.

:       0       44

Muhan Tuesday, 11 June 2019 03:22 PM

අන්න එහෙම කෙලින් ඉන්න.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site