(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත අද (02) ගියේය.
නව වසරේ පක්ෂ මූලස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට සහ කාර්ය මණ්ඩලය මුණ ගැසී සුබ පැතීමට ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය වෙත පැමිණි බව ශ්‍රීලනිප මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහත ලංකාදීපයට පැවැසීය.
එහිදී ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ඇමතූ බවත් ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත් මහ ලේකම්වරයා කීවේය.
පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිංලග සුමතිපාල, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති ශ්‍රීලනිප මූලස්ථානයට යයි
sirimal Wednesday, 02 January 2019 07:36 PM
ඇතුල් වෙන්න උවමනා නම් දොරේ යතුරත් අරගෙනම යන්න වෙයි.
sam Wednesday, 02 January 2019 10:18 PM
ඔච්චර ලොකු බිල්ඩිමක් තව දුරටත් නඩත්තු කරන එකේ තේරුමක් නැති නිසා කඩ කාමරයක් කුලියට අරගෙන පක්ෂ මුලස්ථානය පිහිටුවන බව තමයි ජනාධිපතිතුමා කිව්වේ.
rocky Wednesday, 02 January 2019 11:55 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුව ඔයගොල්ලෝ ජනාධිපති හැටියට පිලි ගන්නවද?
සමීර Thursday, 03 January 2019 02:47 AM
ගෙදරම යනවා නං ලොකු දෙයක්
chathuri Thursday, 03 January 2019 07:34 AM
බලය තියෙනකම් කවුරු කවුරුත් පිළිගනී පැරදිලා ගිය දවසට ඔය පලතටවත් එන්න දෙන එකක් නැහැ. අන්දරේ මිට හොඳයි