
(ජයන්ත සමරකෝන්)
ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සමාලෝචනයට ලක්කර නිර්දේශ ලබාදෙන ලෙසට, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි නිලධාරීන්ට අද(11) උපදෙස් දී ඇත.
සිරකරුවන්ගේ පොදු සමා කටයුතු සොයාබැලීමේදී ඉදිරිපත් වූ දුක්ගැනවිලි සම්බන්ධයෙන් සලකා බලා රාජ්‍ය ඇමැතිවරිය මෙම පියවර ගෙන තිබේ.
ඒ සමඟම සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බන්ධනාගාර අධිකාරිවරුන්ට සිරකරුවන්ගේ සුභසාධනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දී ඇත.
රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති) නිශාන් ධනසිංහ(හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්) මහතා මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
COMMENTS
ඔයා ගැන ආයේ මොනවද අහන්න තියෙන්නේ? අපේ අයට සමාව ලැබෙනවා. එච්චරයි නේ...!!!
හෙමීට හෙමීට ඔය හැරෙන්නේ පොල් පැලේ පැත්තට නේද?
සමාව දෙනකොට අපෙන් අහන්න ඕනේ කියලා කොහෙද කවුද කිව්වේ?
අපි එයාලාට 2/3 දුන්නේ ඕනෑ දෙයක් කරන්න. ඕනෑම වැරැදිකරුවෙක්ට සමාව දෙන්න අපේ නැහැ විරෝධතාවයක්...
රට පුරාම කුඩු විකුණන හාල් මැස්සෝ අල්ලනකොට අපිට හිතුණා වැඩේ තනියම කරගෙන යන්න කාටහරි ළඟදීම ‘‘පොදු සමාවක්‘‘ ලැබෙයි කියලා.
මුලින්ම චොකා මල්ලි නැමැති සත්ගුණවත් මහත්තයාට ජනපති සමාව දීලා ඉන්න.
මට මතක නැහැ... එළියට දාන්න ගහන ගේමක් මේක...
ආ ඔය හදන්නේ අර කුඩු සහෝදරයාටයි, මිනිහෙක් මරලා පාර්ලිමේන්තු ගිය කෙනාටයි නිදහස දෙන්න පොටක් පාදාගන්නයි...
පොහොට්ටුවට හෝ මැදමුලනට කඩේ ගොස් තිබිය යුතුයි. දේශපාලනය කර හෝ දේශපාලනයට සම්බන්ධතාවයක් තිබිය යුතුයි. දේශපාලකයෙකුගේ ඥාතියෙක් විය යුතුයි. අම්මෝ... තව කොච්චර අදහස් දෙන්න පුළුවන්ද?