IMG-LOGO

‘ජනපති දුටු සිහිනය පුස්සක් වෙලා’

(නිමල කොඩිතුවක්කු)

රාජපක්ෂවරුන්ගේ කර මතින් යළි ජනාධිපති ධූරයට පත්වීමේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දුටු සිහිනය අද වනවිට පුස්සක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ  මහතා පැවැසීය.

මැතිවරණය ආසන්න වනවිට  බෝලෙට පයින් ගහනවා මෙන්  මෛත‍්‍රීපාල  සිරිසේන මහතාගේ කණ්ඩායමට  රාජපක්ෂ කඳවුර පයින් ගසා එලවා දමනු ඇති බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ  මහතා මෙසේද කීය.

‘‘මේ රටේ ජනතාව මිරිකිලා  ඉන්න ආරථිකයෙන් ගොඩ ගන්න ජාත්‍යන්තරයත් එක්ක එකතුවෙලා  මේ ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාදාමය කිසිදු පදනමකින් තොරව විවේචනයට ලක් වෙනවා අපි දකිනවා. මේ බොරුව ඉදිරියටත් ගෙන යමින්  දෙශපාලන මාෆියාවක් ගොඩනගාගෙන තමන් කරලා තියෙන ජඩ වැඩ ටික වහ  ගන්න විපක්ෂයේ සිටින සමහර  කුහක දේශපාලඥයන් අද උත්සාහ කරනවා.

මේ අය සෝෆා  ගිවිසුම, ඇක්සා ගිවිසුම වැනි ගිවිසුම් ගැන බොරු බිල්ලන් මවමින් ජනතාව භීතියට පත් කරමින් සිටිනවා. සිංගප්පූරු ගිවිසුම මගින් එරට තිබෙන කුණු කසල මෙරටට ගෙන එනවා  කියලා මේ අය මීට මාස කිහිපයකට  පෙර පැවසුවා. ඉන්පසු ඉන්දියානු ගිලන් රථ සේවය හඳුන්වා දුන් අවස්ථාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා කිව්වා. දැන් මේ උදය ගම්මන්පිල, විමල් වීරවංශලා  මවපු බිල්ලො අද පුස්සක් වෙලා තියෙනවා.

මේ ඇක්සා ගිවිසුම අත්සන් කලේ මෙයට අවුරුදු  10කට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනුයි. අවුරුදු දහයක් තිස්සේ මේ ගැන කතා නොකළ පිරිස් අද මේ ගිවිසුම් ගැන කතා කරනවා. මේ රට නිවැරදි දිශාවකට  යොමු කරන ගේම් ගහන්න එපා කියලා කොට කුහක දේශපාලනඥයින්ට අපි කියනවා.

වාණිජ මණ්ඩල ගැන අද කතා කරනවා. වාණිජ මණ්ඩලය කියන්නේ ස්වාධින ආයතනයක්. එම ආයතනය කාගේ හරි  දේශපාලන වූවමනාවක් වෙනුවෙන් පරිවර්තනය වෙන්න  උත්සාහ කරනවනම් ඒක එළිපිට කරන්න. බොරුවට යටින් ගේම් ගහන්න එපා කියලා අපි ඒ අයට කියනවා.

බන්ධුල ගුණවර්ධන මහතා පසුගිය දිනවල මේ  රටේ ආර්ථිකය පිළිබඳ විශාල කතාකාවක් ගොඩ නැගුවා. රටේ ආර්ථිකය විනාශ වෙයි කිව්වා.  මාස කිහිපයකින් ඇමෙරිකානු ඩොලරය රුපියල් දෙසීයට නගීවි කිව්වා.

මහ බැංකු වාර්තා වලට අනුව මේ වනවිට ඩොලරයේ අගය  රුපියල් 183 සිට 176 දක්වා අඩු වෙලා තියෙනවා.  ස්ටලින් පවුමට සාපේක්ෂව  රුපියල  3.3% වර්ධනය වෙලා තියෙනවා.

ඒ වගේම ජපානයෙන් එකට සාපේක්ෂව 0.4%, යුරෝ  වලට සාපේක්ෂව 4.7% නුත් ඉන්දියානු රුපියලට  සාපේක්ෂව 5.7% කින් රුපියල ශක්තිමත් වෙලා තියෙනවා කියලා අපි බන්දුල ගුණවර්ධන මහතාගේ ආර්ථික  පර්යේෂණ ඒකකයට දැනුම් දෙනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 



අදහස් (0)

‘ජනපති දුටු සිහිනය පුස්සක් වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 439 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site