(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ සති දෙකක් තුළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පවසා සති දෙකක් ඉක්මවා ගියද එවැනි කිසිදු වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
එම ඝාතන කුමණ්ත‍්‍රණ කරු පිළිබඳ දැන ගැනීමටත් ඔහුට දඩුවම් කිරිමටත් එක්සත් ජාතික පක්ෂයත් බොහෝ උනන්දුවෙන් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.
‘‘ජනාධිපති ඝාතන කුමණ්ත‍්‍රණය පිළිබඳ ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් සිදුකරමින් පැවසුවා එතුමා සති දෙකක් ඇතුලත මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනවා කියළා. දැන් ඒ සති දෙක ඉක්මවා ගිහින් තියෙනවා. අපිත් බොහොම උනන්දුවෙන් ඉන්නේ කවුද මේ කමන්ත‍්‍රණ කරු කවුද මේකට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා හොයලා බලන්න. නමුත් තවම ඒ වාර්ථාව ලැබිලා නැහැ.
අපි මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා මේ වාර්තාව පිළිබඳ විමසන්න කියලා. මොකද මේවා යටවෙන්න දෙන්න බැහැ. මොකද ජනාධිපතිවරයා ඝාතනය කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නාමල් කුමාර කියන පුද්ගළයා නොදන්න කෙනෙක් ගානට පත්වුනා දැන් ගොඩක් අයට ඔහුව අමතක වෙලා තියෙනවා. මේ කුමණ්ත‍්‍රණකරුවෝ හොයල ඒ අයට දඬුවම් ලබාදිය යුතුයි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන කිසිදු වාර්තාවක් තවම නැහැ