ශ්රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිල ධජයක් නිර්මාණය කර තිබේ.
පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල ප්‍රධාන තේමාව ලෙස උපයෝගිකරගෙන නිර්මාණය කර තිබෙන මෙම ධජයේ දක්නට ඇති සුදු නෙළුම් මලෙන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිඹිඹු කරයි. නෙළුමේ නාභියෙහි ඇති කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් කීර්තිය සහ යසස සෑම අතරම පැතිරීයන අයුරු නිරූපනය වේ.
නෙළුම් මල වටා ඇති කහපාට රවුමෙන් ප්‍රඥාව ද සුදු පාට රවුමෙන් සත්‍යවාදී බවද නිරූපනය කෙරේ.
සිව් කොණ පිහිටි බෝපත් සතරින් බෞද්ධ දර්ශනයෙන් ජාතියට ලැබී ඇති අභාෂය වන උට්ඨාන සම්පදා ,ආරක්ඛ සම්පදා , කළ්‍යාණ මිත්තතා සහ සම ජීවිතා යන සතුටින් සිටීමට අවශ්‍ය කරුණු සතර නිරූපනය වේ.
සිව් කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරය නිරූපනය කෙරේ. නාමලේ මැද පිහිටි රේණු පැහැයෙන් දෙමළ ජනතාවද හරිත වර්ණයෙන් මුස්ලිම් ජනතාව නිරූපනය කෙරේ.
එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය නිරූපනය වේ.
කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැය නිරූපනය වේ. ඉන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැවත එම කෘෂිකාර්මික පදනම මුල්කරගත් ජනමූල පාරම්පරික නායකත්වය සංකේතවත් වේ.
එක සමාන පළලකින් යුත් සුදු පටිය මගින් සියලු අතින් සළසන ආරක්ෂාව නිරූපනය වේ.
එක සමාන පළලකින් යුත් කහ පටිය මගින් ජනාධිපති කොඩියේ සියලු කොටස් එකට බැඳී පවතී.සියලු ජාතීන් අතර එකමුතුව සාමය සහ අන්නෝන්‍ය අවබෝධය කහ පාටින් ඒ සෑම තුළ පවත්නා ජීවගුණයත් නිරූපනය වේ.

COMMENTS
ගෝඨාභයට තම ඡන්දය ලබාදුන් සියලුම දෙනා සතුටු විය යුතුයි. ආඩම්බර වියයුතුයි.
අර්ථවත් නිර්මාණයක්
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනේ නම් වෙනත් පොරොන්දු
අදහස් ටික නම් පැහැදිලියි වැඩ කෙසේ වෙතත්, මහරජාණෙනි සින්දුවත් නැවත ප්‍රචාරය කරනවද. මේ සේරටම වැඩිය වටින්නේ, උගතුන් සමග එකතුවී වැඩ කෙරුවොත් පමණයි හොර දූෂිතයින් ඉවත් කොට උපාධිදාරින් පුහුණු කොට රජයේ ආයතන භාරදීම. ලාංඡනයට වැඩිය වටිනවා දූෂිතයින් අයින්කෙරුවම
අපේ අලුත් ජාතික කොඩිය
ජනපති ගෝඨාභයගේ නිල ධජයේ නිර්මාතෘවරයාගේ කුසලතාව ගැන අප ඉතාම සතුටු විය යුතු වෙනවා ! ඉතාම ක්‍රමානුකුල විදියට සිතාබලා, කල්පනා කර කිසිම අඩුපාඩුවක් නොවන අන්දමට, හැම දෙනාටම පිළිගතහැකි විදියට ධජය සැලසුම් කර තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ දක්ෂකම මොනවට පිළිබිඹු කර තිබේ. නව ජනාධිපතිවරයාගේ වැදගත් එමෙන්ම තිබිය යුතු සියලු ගුණාංග මෙම කොඩි විස්තර වාර්තාවේ මුල් පේලි කිහිපයෙන් කදිමට පැහැදිලි කර දී තිබෙනවා. ඒ සියලු අරුත්බර කරුණු කාරණා එතුමාගේ මුළු පාලන කාලය තුලම පාට, පක්ෂ, ජාති, ආගම් භේද වලින් තොරව සමස්ත රටටත්, රටවැසියන්ටත් ලැබේවායි මතමු! කෙසේ උනත් ජනාධිපතිවරණය නිමවී දින දෙකක් තුළ මෙවැනි ධජයක් නිර්මාණය කිරීම ඉතාමත්ම අසීරු කරුණක් හෙයින් එතුමා නාම යෝජනා භාරදුන් දිනවල පටන්ම ආරම්භ කල කටයුත්තක වටිනා ප්‍රතිපලයක් බව මේ කොඩියෙන් මොනවට පැහැදිලි වෙනවා......
ඝෝටභය මහත්මයාණෙනි දැන් අපට අවශ්‍ය කොඩි, ධජ සහ ප්‍රශස්ති ගී නොවේ දැනට රටේ සිටින පාතාල කප්පම් , කුඩු මුදලාලිලා මර්ධනය කර , අලුත් කණ්ඩායම් වලට හිස එසවෙන්න නොදී , තංගල්ලේ සභාපති , ජුලම්පිටියේ අමරේ වැනි අපරධ කාරයෝ නිදහස් නොකර , එස් බි වැනි බොරු කාරයන් ගෙන් ඈත්වෙලා, වීරවංශ වැනි කෙවට්ටයන්ගේ මහරජාට ඇන්දවීම් වලට හසු නොවී, රටේ දුෂණය, වංචාව වැනි දේවල් තුරන් කරලා, රටේ නීතියේ අධිපත්‍යය තහවුරු කරලා රට පාලනය කරන එක, මේ සඳහා අවශ්‍ය දැනුම, පලපුරුද සහ බලය ඔබට තිබේ.
වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහිමි වන බවයි.
ඡන්දෙට කලින් පොරවල් වෙලා ගෝඨව අසාධාරණ විදියට පතුරු ගහපු අය කොහෙද ? නින්ද ගිහින්ද මන්දා. ඡන්දෙ දවසේ නිදි මරලා සමහර එන්.ජී.ඕ කාරයෝ ටිකක් නම් ඉන්නවා තමයි පිට රටට වෙලා බක බක ගාන. මේ රටේ ලක්ෂ 69 ක් ජන තාව ඒ අය ගණන් ගන්නේ නැහැ.
කව්රුහරි පේන්න කඩේ යනවා නේ? ඕක අකුලාගෙන ගෙදර තියාගන්න. මොකද නව ජනපතිට ඔය අද්භූත වැඩ අල්ලන්නේ නැහැ. ඔහුට ඒවා අවශ්‍යත් නැහැ.
නව ජනාධිපතිතුමනි, ඔබට සුභ පතන අතර ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට සුදුස්සාට පමණක් සුදුසු තැන දෙන්න.
ජනදිපතිට විතරක් වෙනම නිල ධජයක් මොකටද ? ඇයි ජාතික කොඩිය හරි නැත්ද ? මොනවද මේ විකාර වැඩ ? උමතු පාලකයෝව හදන්නේ මිනිස්සුන්ම තමයි
ඕකද රටට තියෙන ලොකුම් ප්‍රශ ? අනේ රටේ අද තියෙන බරපතල ප්‍රශ්න විසදන්න බලන්නකෝ.
මේ තරම් ඉක්මනට මේවා සාදන්නේ දිනන්නට පෙරම කළ වැඩද ?
ගරු ජනාදධිපතිතුමනි, දේශපාලකයෝ නම් ඕන තරම් ඉන්නවා. අපිට නැත්තේ නායකයෙක්. ඒ නිසා හොරු කණ්ඩායම ඉවත් කරලා අලුත් පිරිසක් සමග රට දියුණු කරන්න බලන්න. ඔබතුමාට ජය ගෙනදුන් කිසිම කෙනෙක් ඔය වටේ ඉන්න හිටපු හොරු රැළට කැමති නැහැ. ඒ තමා නීරස ඇත්ත.
අමතක කරන්න එපා. මෙතුමා වියත්මග වැඩසටහන පටන්ගත්තේ මීට වසර ගණනකට කලින්ය.