IMG-LOGO

ජනපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට

(ඩයනා උදයංගනී)


මේ වන විට කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටුවා ඇති  ජනාධිපති අරමුදල් කාර්යාලය අනිද්දා (18) සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
 
ඒ අනුව එම කාර්යාලය කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ලේ, 03වැනි මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල මෙලෙස නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත්, එම කටයුතු හේතුවෙන් අනිද්දා (18)  දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ද කණගාටුව පළ කෙරෙන බවත් එම අංශය සඳහන් කරයි.
 
ජනාධිපති අරමුදලේ සේවා කටයුතු  මෙම මස 21 වනදා සිට යථා පරිදි සිදු කෙරෙන අතර ඒ හා සම්බන්ධවිය හැකි දුරකථන අංක පෙර පරිදිම, එනම් 011-2331245, 011-2431610, 011-2382316 දුරකථන අංක ඔස්සේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැක බවද එම අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (0)

ජනපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 148 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site