(නිමල කොඩිතුවක්කු)
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට තමන් සහයෝගය පළ කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ලංකාදීපයට අද(4) පැවැසීය.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත් කරුණු පිළිබඳව ඇතිවූ විශ්වාසය මත තමන් මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.
අජන්ත ද සොයිසා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ද වෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ සහය සජිත්ට
Mahee Monday, 04 November 2019 09:31 AM
ඔය විශ්වාසෙ ඇතිවෙන්න ඇත්තේ මාස කීපයකට කලින් වෙන්න ඕන නේද? ඒ මොකද ඒ ගොල්ලෝ ඇප බඳින්න සල්ලි දෙන්නෙම ඒ ගොල්ලන්ට විශ්වාසය තහවුරු වුනාමනේ.
sharm warn Monday, 04 November 2019 09:33 AM
කොහොමටත් ආවේ ඒ වැඩේටනේ.
sirimal Monday, 04 November 2019 09:33 AM
එහෙම කෙනෙක් ගැන මේ ඇහුවාමයි. ලැබෙන සහයේ තරම කොහොම වෙතත් එක ඡන්දයක් නම් ස්ථිරයි.
Cisco Monday, 04 November 2019 09:36 AM
මෙහෙම සහයෝගය දෙන එක හොඳයි. හැබැයි නාම යෝජනා දෙන්න කලින්ම තීරණය කළා නම් වඩාත් හොඳයි. මෙහෙම අපේක්ෂකයෝ වැඩිවෙන නිසා අමතර මුදලක් වියදම් වෙනවා කියලා මැකෝ කියනවා. ඡන්දෙට යන අමතර වියදමෙන් සියයට දහයක්වත් මෙයාගෙන් අයකරගන්න ඕනේ. මොකද මේවා ජනතාවගේ මුදල්.
පිටිගල මිලානෝ Monday, 04 November 2019 09:40 AM
තමන්ගේ ගෙදර ඡන්දවත් නැති මනෝ විකාරෙන් පිරුණු තවත් කෙනෙක්.
menna Monday, 04 November 2019 09:45 AM
ඉදිරියේදී ඇප මුදල වැඩි කළොත් හොඳයි.
samira Monday, 04 November 2019 09:49 AM
ඡන්ද කොලේ දික්කරපු අය තමයි.
sarath Monday, 04 November 2019 10:06 AM
මෙයාලගේ පක්ෂ අවලංගු කරන්න ඕන.
වීරවිජේ Monday, 04 November 2019 10:14 AM
එක ඡන්දෙනෙ අඩු වෙන්නේ. කම්කරු රස්සාවක් දෙන්න පුලුවන් දින්නම.
sunil Monday, 04 November 2019 10:16 AM
මෙයා කව්ද?
arjuna samarasinghe Monday, 04 November 2019 10:35 AM
රටට සේවය කරන්න බොරු ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න ඕනෑම නැහැනේ. අපේක්ෂකයෙක් නොවී ඉන්න එකම එක්තරා විදියකට සේවයක්... මොකද මැතිවරණ වියදම සෑහෙන්න අඩුවෙනවා. එ්ක පිනක්...
nimal Monday, 04 November 2019 10:59 AM
ඇත්තෙන්ම මේ අයට ලොකු දඩ මුදලක් නියම කරන්න ඕන.
Ratne Monday, 04 November 2019 11:32 AM
මගේ තැපැල් ඡන්දය හංසයාට නොදී ඔබතුමාට ලබා දුන්නා. දැන් ඔබතුමාත් සජිත් මහතාට සහාය දෙනවා. අන්තිමට ලබා දුන් ඡන්දය අපතේ යෑමක් පමණයි සිදු වුණේ.
isurandi Monday, 04 November 2019 11:51 AM
මෙහෙම අයද ජනපති අපේක්ෂකත්වයට ඉල්ලන්නේ?
රජින්ද Monday, 04 November 2019 12:06 PM
මේ වගේ කඩේ යන අය නිසා මෙදාපාර ඡන්ද කොලේ දික් ගැස්සුණා. ඡන්ද පෙට්ටි ගාන වැඩිවුණා. මේ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙවල්වලට තැපැල් කරන්න තවත් ගාණක් වැයවුණා. ඡන්ද ප්‍රකාශ කරන්න දීපු කාලය දික් ගැස්සුණා. ඒවායේ රාජකාරි කරන අයට ගෙවන අතිකාල වැඩි වුණා... මේ ඔක්කොටම යන සතයක් පාසා වැය කරන්නේ අපේම බදුවලින්... එහෙම දේවල් වෙන්න ඇරලා නාමයෝජනා බාරදීලත් දැන් රට වෙනුවෙන් කියකියා තමන් කඩේ යන අපේක්ෂකයාගේ වේදිකාවට ගොඩවෙනවා. මේ අයගෙන් වැය වෙච්ච අපේ බදු සල්ලි ආයෙත් අය කරගන්න දඩ ක්‍රමයක් නැත්ද?
Mo Monday, 04 November 2019 12:08 PM
ජයවේවා..!!! ඔන්න සජිත්ට තවත් ඡන්දයක් වැඩිවෙලා..
de silva Monday, 04 November 2019 12:40 PM
මෙයාට ඇති ඡන්ද පදනමක් නැත..
gamarala Monday, 04 November 2019 01:22 PM
මේ වැනි අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතුයි. නැවත කවදාවත් මැතිවරණයකට ඉදිරිපත් නොවිය හැකි ලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර, මැතිවරණ කටයුතුවලදී දැරීමට සිදු වූ වියදම් ඔහුගෙන් අයකළ යුතුයි.
Dushmantha Monday, 04 November 2019 02:40 PM
ඔබව ජනාධිපති කරවීමට ජනතාව කොතරම් පෙළගැසී හිටියාද? ඔබ අපගේ බලාපොරොත්තු කඩකර දැමුවේ ඇයි?
බිසෝ මැණිකේ Monday, 04 November 2019 03:32 PM
බලන්න කොච්චර වැරදි වැඩක්ද මෙයා කරන්නේ? මේ අය ඇවිත් විකාර ඡන්දෙ ඉල්ලන නිසා බිලියන ගණන් වියදම් වෙනවා. ඡන්දෙ ඉල්ලා ඇත්තේ වෙනත් න්‍යාය පත්‍රයකටයි. නඩු දාන්න ඕනේ.