(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
මහින්ද රාජපක්‍ෂ මහතා එම සන්ධානයේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා බව කී මහලේකම්වරයා එහි ඡන්ද ලකුණ කුමක් ද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයි ද කීවේය.
එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරාට මුහුණ දීම සඳහා ප‍්‍රගතශීලී, වාමවාදී, දේශප්‍රේමී හා ජාතිකවාදී සියලූම බලවේග එක්කර ගනිමින් දැවැන්තම සන්ධානය ගොඩනගන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතීතයේ සිටම ජාතික මැතිවරණවලට ඉදිරිපත් වූයේ පුළුල් සන්ධානයක් යටතේ බව කී මහලේකම්වරයා මෙවරද එවැනි සන්ධානයක් වෙනුවෙන් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කීවේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අතීතයේ පටන් මෙවන් අවස්ථාවල පක්‍ෂයේ ලකුණ වන ‘අත’ ලකුණ වෙනුවට ‘රෝදය’, ‘පුටුව’, ‘බුලත්කොලය’ ආදී ලකුණුවලින් තරග කර තිබෙන බව කී මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මෙවර ද සියලූ දෙනා එකඟ වන ඡන්ද ලකුණක් තෝරාගන්නා බව සඳහන් කළේය.
මේ අවස්ථාවේ සිතිය යුතු වැදගත්ම දෙය වන්නේ පොදු සතුරාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න බව කී මහාචාර්යවරයා අන් සියලූ කරුණු සළකන්නේ දෙවැනි කොට බව ද කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ජනපති අගමැති නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් මැතිවරණයට එනවා’
sirimal Monday, 12 November 2018 11:01 AM
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් පක්ෂයෙන් කඩාගෙන ගිය කණ්ඩායමකට ඕනෑ ආකාරයට නැටවෙන බව නේද මේකෙන් පෙනෙන්නේ...? නාම යෝජනා බෙදා ගනිද්දී චෝදනා තියෙන අය නැවතත් තෝරා ගත්තොත් වැඩේ හරියන එකක් නැහැ. "එහෙම කොහොමද කරන්නේ උඩින්ම ඉන්න කෙනාටනේ චෝදනා වැඩි" කියලා කියන්න නම් එපා ඔන්න...
sam Monday, 12 November 2018 11:09 AM
මිණී ඔළුවයි, ඇට කටු දෙකයි නම් පක්ෂ ලාංඡනය හැටියට නියමෙට ගැලපෙනවා...
isurandi Monday, 12 November 2018 11:28 AM
සතුරාට පහරදෙන්න නම් ටයර් සෑයේ ලකුණින් ඉදිරිපත් වෙන්න.
mf Monday, 12 November 2018 11:48 AM
කවුරුත් පොරකන්නේ බලයට... රට ගැන හිතලා වැඩකරපු කවුරුත් නැහැ.
sandy123 Monday, 12 November 2018 01:23 PM
කාට කියන්නද මේ දුක...? දෙවියනි ඔබ හැර.
ධනුෂ්ක Monday, 12 November 2018 03:10 PM
ඔබතුමා අපට 2010දී ජනසන්නිවේදනය ඉගැන්නුවා මතකයි. එතකොට ඔබතුමා අංශාධිපති. ඔහොම යමු ඊළඟ උපකුලපති වෙන්න පුලුවන්....
duminda Monday, 12 November 2018 03:20 PM
ජනතා ඡන්දෙකින් දිනන්න පුළුවන් පක්ෂයක් ව්‍යවස්ථා විරෝධීව බලය ගන්නෙත් නැහැ.
Hafeel Tuesday, 13 November 2018 07:50 AM
කොහේදෝ ඉඳල අද පිනට මහ ලේකම් වෙලා. අර එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරා නිසා තමයි, මෛත්‍රී ජනාධිපති වෙලා ඔබව මෙතන්ට පත් කළේ. ඔබ කොවුද කියලත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දන්නෙවත් නැතුවඇති. ඔබත් ලොක්කා වගේ කලගුන දන්නා නැති මිනිහක්.