(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත් වීම වැළැක්වීමටත් ඇප මුදල් ඉහළ නැංවීමටත් ඉදිරියේදී නව නීති හඳුන්වාදීමට අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මීට අමතරව පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති බාධා ඉවත් කිරීම සඳහාත් මැතිවරණයකදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය නීති සකස් කරන බවද ඇමැතිවරයා කීය.
ඉකුත් ජනාධිපතිවරණයේදී අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත්වීම නිසා රජයට විශාල මුදලක් වැය වූ අතර මැතිවරණ කොමිසන් සභාවට කටයුතු කිරීමේ දුෂ්කරතා මතු වූ බවද පැවසූ ඇමැතිවරයා ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීති සම්පාදනය කරන බවද කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධා මතුව ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
එත් එක්කම සභාවතුල නිදා ගැනීමත් තහනම් කලයුතුයි.
ඒ කියන්නේ ස්වාධීන අපේක්ෂකයෙකුට එන්නම බැරි කරනවද?
මේ තීරණය ඉතාම කාලෝචිත තීරණයක්.හැම අපේක්ෂකයෙක්ම අඩුම වශයෙන් අපොස උසස් පෙළවත් පාස් වෙලා තිබියුතුයි.එය අනිවාර්ය කලයුතුයි.එම අපේක්සකයෙකුට පක්ස සාමාජිකයන් අඩුම වසයෙන් 1000 ක් වත් සිටිය යුතුමයි. ස්තුතියි.
ඒ වගේම සභාවතුලත් නිදා ගන්නත් බැහැ.
යෝජනා නම් බොහොම හොඳයි. ඔය එක්කම යෝජනාවක් ගේන්න පුලුවන්ද, පැරදිච්ච ගොයියල චිට් එකෙන් පාර්ලිමේන්තුවට ගන්නේ නැහැ කියලත්?