IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම සොයන්න නිරීක්ෂණ කණ්ඩායමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ඉන් පසු කාලයේදී සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් පස් දෙනකු යොදා ඇතැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ එම සාමාජිකයන් පස්දෙනා ඔක්තෝබර් මාසයේ මැද සිට සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණය කළ බවත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු ආරම්භ වූ නිහඬ කාලයේ සමාජ මාධය හැසිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බවත් මරිසා මටියාස් මහත්මිය කීවාය.

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයේ අවසන් අදියරේ නිරීක්ෂණ කටයුතු ඉකු-ත් දා (13) ආරම්භ කළ අතර එම කණ්ඩායම සාමාජිකයන් 80 දෙනකුගෙන් සමන්විතය. ඊට යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සාමාජිකයෝ පස් දෙනෙක් ද අලුතෙන් එක්ව සිටිති.  

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා ක්‍රමවේද රැසක් භාවිත කරන බවත් සිදුවීම් එකින් එක නිරීක්ෂණය කරන අතර යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රා යුවානෝ මහත්මිය මීට පෙර ‘ලංකාදීපය’ට පැවැසුවාය.

අන්තර්ජාලය කෙරෙන හා සිදුවන දේශපාලන සන්නිවේදන කටයුතු විශ්ලේෂණය කිරීමට උපකරණ හා විවිධ තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිත කරන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දිමිත්‍රා යුවානෝ මහත්මිය කීවාය. එමගින් අපට ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට ගන්නා ලද උත්සාහ කිරීම්, පෙළඹවීම්, වෛරී හා භයානක ප්‍රකාශ, අපහාස, දුස් තොරතුරු සහ ව්‍යාජ පුවත් යනාදිය සම්බන්ධයෙන් තොරතුරු එකතු කරගැනීමට හැකි බව ද දිමිත්‍රා යුවානෝ මහත්මිය පැවැසුවාය.  
 

ඊට අමතරව මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය හැසිරීම, භාවිතය සහ ඒවායේ අන්තර්ගතය ද නිරීක්ෂණය කරන බව ද දිමිත්‍රා යුවානෝ මහත්මිය සඳහන් කළාය.

“එම නිරීක්ෂණ කටයුතුවලදී අපි අන්තර්ජාල ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ හැසිරීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. අපි එකින් එක සිද්ධිය අධ්‍යයනය කරනවා, නිරීක්ෂණය කරනවා වගේම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

මේ අතර යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ඡන්ද මධ්‍යස්ථාන 300ක් ඡන්දය ගණනය කරන මධ්‍යස්ථාන 30ක් ආවරණය පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ජනාධිපතිවරණයෙන් පසු ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ද නිකුත් කිරීමට නියමිතය. 



(ඡායාරූප - ඒ.එෆ්.පී)



අදහස් (2)

ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම සොයන්න නිරීක්ෂණ කණ්ඩායමක්

Praba Friday, 15 November 2019 09:20 AM

මෙම මැතිවරණ ව්‍යාපාරයේ ඉතා පිළිකුල් සහගත පැත්තක් මේ. සමාජයේ උගත් වැදගත් යයි සම්මත වෘත්තිකයන් පවා නිර්ලජ්ජී ලෙස තමා අකමැති අපේක්ෂකයන් සමාජ මාධ්‍ය හරහා චරිත ඝාතනයට ලක්කළා...

:       20       132

lankasri Friday, 15 November 2019 12:31 PM

මාගේ අදහස නම් පලවූ 95%ක්ම මඩ ප්‍රහාර සත්‍ය ඒවා බවයි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වැඩි දෙනා අකමැති බවයි.

:       77       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site