(ඩී.ජී.සුගතපාල)
ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය.
ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම් පත්‍රය, විශ්‍රාමික හැඳුනුම් පත්‍රය සහ පූජ්‍ය හැඳුනුම් පත්‍රය යන පිළිගත් හැඳුනුම්පතක් නොමැති අයට මෙම තාවකාලික හැඳුනම්පත නිකුත් කරන බවත් එය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැර වෙනත් දෙයකට භාවිත කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.
තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් නොවැම්බර් 9 දිනට පෙර කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර බාරදෙන ලෙසත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ
විමංශා Monday, 14 October 2019 11:49 AM
හොර ඡන්ද දැමීමේ ඉනිමග ලෙසට තාවකාලික හැඳුනුම්පත් සැලකීමට හැකිය.මම එසේ කියන්නේ මම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක සිටි අවස්ථාවකදී රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එදිනට මාසයකට පමණ පෙර නිකුත් කළ ජාතික හැඳුනුම් පතක් හා වෙනත් දිස්ත්‍රික්කයක අවුරුදු නමයක් පදිංචිව සිටින බව දැක්වෙන එදිනට පෙර දින ග්‍රාම නිළධාරි විසින් නිකුත් කළ පදිංචි සහතිකයක් ඉදිරිපත් කළ නිසාය. එ් නිසා කවුරුන් හෝ වගකිව යුත්තෙකු මේ ගැන විමර්ශනය කරනවානම් හොඳයි.නාගරිකව මෙය සිදුවිය හැකියි.