IMG-LOGO

ජනපතිගේ යෝජනා තුනම ප්‍රතික්ෂේප කළා - මනෝ ගනේෂන්

(අංජුල මහික වීරරත්න)

කරුණු තුනකට එකඟ වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් ඉල්ලා සිටි බවත් තමන් ඒ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ බවත් දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහත් මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය.

ජනාධිපතිගේ ආරාධනයකට අනුව අද (7) තමා ඇතුළු මන්ත්‍රීවරුන්  හය දෙනා  ගිය අවස්ථාවේ මෙම ඉල්ලීම් තුන කළ බව මනෝ ගනේෂන් මහතා කීවේය.

නව ආණ්ඩුව එක්වී සහය දීම ජනාධිපතිගේ පළමු ඉල්ලීම වූ බවත් ඊට එකඟ නොවූ විට පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමේදී ඡන්දය නොදී සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා පැවැසීය.

තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම ඉල්ලීමට එකඟ නොවූ විට එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති ලෙස පත් කිරීමට විරුද්ධ වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව කීය.

ජනාධිපති ඉදිරිපත් කළ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්නට නොහැකි නම් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පවත්වා සුදුසු තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.



අදහස් (14)

ජනපතිගේ යෝජනා තුනම ප්‍රතික්ෂේප කළා - මනෝ ගනේෂන්

weerakoon Wednesday, 07 November 2018 04:38 PM

5 වෙනිදා 13 හරි කීවට දැන් මොකද මේ

:       1       189

Bamunuarachchi Wednesday, 07 November 2018 04:38 PM

අපි ඔබලාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර බොහෝ කල්ය.

:       1099       1008

V.warnakulasuriyaWednesday, 07 November 2018 09:06 PM

ජනතාව කලකට පෙර සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර යැවූ අයද අද පැමිණ රට පාලනය කරති.

:       116       163

BamunuarachchiThursday, 08 November 2018 08:49 AM

1. ඒ ජනතාව ගෙනල්ලා නොවෙයි. 2. අපි මේගොල්ලෝ ප්‍රතික්ෂේප කොරන්නේ රට නොබෙදා තියාගන්න.

:       0       0

sandy123Thursday, 08 November 2018 04:38 AM

කැමති වුනානම් මොනවගේ අදහසක්ද දන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න.

:       0       104

Nuwan Wednesday, 07 November 2018 09:43 PM

පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. පොහොට්ටුව දිනනවා.

:       732       722

tommy Wednesday, 07 November 2018 10:23 PM

මේ අය තනතුරු සහ මුදල් අභිබවා යම් ප්‍රතිපත්තියක සිට ක්‍රියා කිරීම අගය කල යුතුයි.

:       12       105

දිලුම් Thursday, 08 November 2018 03:14 AM

මුන්ට ඕන කොහොම හරි ඊලම ගන්න ඒක කරන්න පුළුවන් රනිල් ගෙන් විතරයි. ඒකයි තමයි ඔක්කොම හුරතල් වෙන්නේ. නැතුව අපේ රටට ආදරේට නෙමෙයි

:       332       140

dayarathna athapatthu Thursday, 08 November 2018 03:34 AM

සෙක්කුව අය්යෝ මෙහෙමත් පිචන් වීමක්.

:       0       10

[email protected] Thursday, 08 November 2018 04:05 AM

ඔබතුමා දමිල ජාතිකයෙක් වෙලත් රටේ ව්‍යවස්තාවට එකගව ප්‍රතික්ෂේප කල එක අපි ඉතාම අගය කරනවා. ලංකාව ලෝකෙන්ම කොන් වෙන තැනට දැන් ඇවිත් ඉවරයි.

:       63       370

Bandula. Thursday, 08 November 2018 06:30 AM

ඔබලා කැමති වුනත් නැතත් අපිටනම් ඒකෙන් වැඩක් ඇත්තෙම නැහැ, ජාතින් හැමෝම සමගියෙන් ඉන්න අපිට ඕන කරන්නේ. තමන්ගේ බඩ වඩා ගන්න දගලන හැම දේශපාලුවෙකුටම ඊලග මැතිවරණයකදී සියලුම ජාතින් එකතුවෙලා හොද පාඩමක් උගන්වාවි.

:       38       114

BamunuarachchiThursday, 08 November 2018 08:59 AM

අපි සමගියෙන් ඉන්න ඕනේ කියලා හිතපු නිසා තමයි අද අපේ රටින් කොටසක් ඉල්ලන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 08:55 AM

ජනාධිපති රටින් කෑල්ලක් දෙන්න, ව්‍යවස්ථාව වෙනස්කරන්න යෝජනා කලේ නැහැනේද? කළානම් උඩින්ම කැමති වෙනවා නේද? අපි නොදන්නා ඔයගොල්ලෝ...

:       0       0

RNG Thursday, 08 November 2018 10:26 AM

ටොමී, ඒ අය තනතුරු සහ මුදල් ප්‍රතික්ෂේප කරන්නෙ මේ ආණ්ඩුව තුළින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට නොහැකි නිසා මිස රටේ යහපතට නොවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site