(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා බෞද්ධ කටයුතු උපදේශන සභාව හමුවේ කළ ප්‍රකාශය බරපතළ සහ භයානක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත ශක්තිය හේතුවෙන් එය හකුලා ගත් රජය වෙනත් ආකාරයකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන බවත් ඉතිහාසය පුරාම විවිධ රජයන් ආකාර දෙකකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කළ බවත් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික විශ්ව විද්‍යාල පාලනයට සහ නියාමනයට නීති සැකසීම එක ක්‍රමයක් යැයි කී ජාගොඩ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තර වෙනත් ව්‍යුහයක් නිර්මාණය කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම දෙවැනි ක්‍රමය බවත් පැවසීය.
2002 වසරේ සිට මෙම වසර දක්වා බලයට පත්වූ විවිධ රජයන් විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළ බවත් ජනාධිපතිවරයා කළ යුත්තේ විවිධ මත පළ කිරීම වෙනුවට විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කිරීම බවත් ඡාගොඩ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ජනපතිගේ ප්‍රකාශය බරපතලයි‘‘
මුණසිංහ Tuesday, 20 July 2021 07:27 AM
ඕක පුද්ගලීකරණය කරන්න අමුතු දෙයක් තිබෙනවද?. එක එක නම් වලින් තියෙන ස්ථාන... ඒවා ආණ්ඩුවේද? ඒවා අහෝසි කරන්න කවුද කියන්නේ..? අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියලා කාලයක් තිස්සේ කියනවා... ඒවාට අදහසක් දෙන්න... ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල දැන් රෑන්කින් වලින් පහළ වැටෙමින් තිබෙනවා. කොතලාවල උඩට ගිහිල්ලා... නිකං අහිංසක ජනතාවගේ ළමයි අමාරුවේ දාන්න එපා..
Bamunuarachchi Tuesday, 20 July 2021 08:18 AM
අපේ පැත්තෙන් බැලුවාම කිසිම බරපතලකමක් නැත...
Namal Tuesday, 20 July 2021 09:36 AM
ඔව් එය බරපතලයි. නමුත් රිෂාඩ් බදියුදීන්ගේ ගෙදර මරා දැමුණු දරුවා ඔහෙලාට පේන්නේ නැහැ. ඒක තමයි මහජනයාට ඔහෙලා ගැන තියන බරපතලකම...