IMG-LOGO

ජනපතිගේ ’’පුංචි ගෙදර’’ළඟ විරෝධතා කිරීම දුකයි

(අංජුල මහික වීරරත්න)

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කී අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කළේය.

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු පසුව රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි වූ බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 



අදහස් (8)

ජනපතිගේ ’’පුංචි ගෙදර’’ළඟ විරෝධතා කිරීම දුකයි

Sunil Tuesday, 08 March 2022 09:05 AM

රටේ ජනතාව කබලට දමලා එයිනුත් නොනැවතී කබලෙන් ලිපටත් ඇද දැමූ නායකයාටයි ඔහුගේ ගෝලයෝ රෝත්ටටයි ගෙවල් ළඟ උද්ඝෝෂණ කරලා මදි .ගෙවල් ඇතුලට ගොස් උද්ඝෝෂණ කරන්න ඕනෙ .දැන් කටයුතු සිද්ධවෙන ආකාරයට කාන්තාවන් මෙයටත් වැඩිය උද්ඝෝෂණ කරයි .රටේ අනෙක් ජනතාවද එලෙසමයි

:       0       0

kamal Tuesday, 08 March 2022 10:01 AM

දැනට කරලා තියන වැඩ ටික දිහා බැලුවහම පුංචි ගෙදරක නෙමෙයි මඩුවක බැඳලා තියන්නයි සුදුසු

:       0       0

Lalith M Tuesday, 08 March 2022 10:48 AM

විරෝධතාව කියන්නේ හොඳ දෙයක්... මහජනතාව තම මතය ප්‍රකාශ කරන ක්‍රමයක්. ඒවා නවත්තන්න ක්‍රියා කිරීමට වඩා ඒවට පිළිතුරු සෙවීම වැදගත්...

:       0       0

Buddika Tuesday, 08 March 2022 10:56 AM

ඒත් රටට කළ විනාශය ගැන අපිට දුකයි. ඒ විනාශයේ එක කොටස් කරුවෙක් වෙලා. අද මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ. ගෑස්, කිරිපිටි නෑ. බඩු ගිනි ගණන්.. කවුද මේ රට මේ අගාධයට දැම්මේ..? ජනතාව අද මේ රජයට සාප කරනවා...!

:       0       0

fairoos Tuesday, 08 March 2022 01:03 PM

අනේ මගේ කට... මේ ඇමැතිලා ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයිද? මෙහෙමත් වහල්ලු...

:       0       0

Hafeel Tuesday, 08 March 2022 01:30 PM

ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විජේදාස රාජපක්ෂ හොඳට කියා තියෙනවා.

:       0       0

Hafeel Tuesday, 08 March 2022 01:32 PM

මෙයා මෙහෙම කඩේ ගියොත් අසාර්ථක වුණත්, මෙයාගේ ඇමති ධුරයට බාධාවක් වෙන්නේ නැහැ.

:       0       0

duminda Tuesday, 08 March 2022 03:37 PM

ඔය පුංචි ගෙදර ඉඳලා එන්න යන්න යන සල්ලි, ආරක්ෂාවට යන සල්ලි, ගණන් හදලා බලන්න... ජනාධිපති මන්දිරේ ලේකම් කාර්යාලය ගාව තියෙන්නේ වෙන දේකට නෙමෙයි... කරන්න ඕනේ අනවශ්‍ය වියදම් කපලා ජනාධිපති මන්දිරේ ඉන්න එක... කොහෙද උඩ ඉඳන් පහළට ඔක්කොටෝම මොල හතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site