IMG-LOGO

‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය.


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම තුළින් යැයිද පැවසීය.


19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ වසර 4 1/2ක කාලයක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දෝෂ සහගත බවත් මේ වන විට විවිධ දේශපාලන පක්‍ෂ හා විවිධ පුද්ගලයින් මත ඉදිරිපත් කරන බව පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම කුමක්දැයි  කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා එසේ පැවසීය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වගත්තියේදී 33 වැනි වගන්තියේ කුමක් සඳහන් වුවත් යනුවෙන් සඳහනක් වත්, 33 වැනි වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගත්තියට යටත් බවට සඳහනක්වත් නැහැ. 


කතානායකවරයා පාර්ලිමෙන්තුවේ කටයුතු හසුරුවනු ලබන තැනැත්තා පමණයි. ඔහුට රට පාලනය කළ නොහැකියි. අගමැතිවරයා සම්බන්ධයෙන් මතුවු ගැටළුවේදී කතානායකවරයා ක‍්‍රියකළ ආකාරයෙන් සුවිශේෂි තත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඇති අමතර බලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි.
 



අදහස් (11)

‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’

tony Sunday, 11 November 2018 09:49 AM

ඔය වගන්ති දෙක එකිනෙකට අදාල බව දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා.

:       0       0

Appuhami Sunday, 11 November 2018 09:51 AM

ඔය කියන විදිහට ව්‍යවස්ථාවක් ඕනෙ නැහැ... ජනාධිපතිට ඕනෙ එකක් කරතැහැකි. ඇයි දන්නේ නැහැ 113 හදලා ගන්න දැඟලුවේ කෙළින්ම මැතිවරණයකට නොයා...

:       0       0

අනුරාද Sunday, 11 November 2018 10:00 AM

මෙයා ඉතිං කාගේ සක්කුවේද ඉන්නේ කියලා රටම දන්නවනේ...

:       0       0

jude Sunday, 11 November 2018 10:16 AM

එජප, ජේවීපි, ටින්ඒ තුන් කට්ටුව දේශපාලන උගුලකට හසුවෙන්න නියමිතයි, ජනාධිපතිවරයාගේ තීන්දුව ශ්‍රේෂ්ටාධිකරණය විසින් අනුමත කලහොත් තම මැතිවරණය ව්‍යාපාරය කපෝතියි, අධිකරණයට නොගියොත් තවත් පිචන් වෙයි

:       0       0

ගාමිණී Sunday, 11 November 2018 10:25 AM

දී කිරට බලල්ලුත් සාක්කි. එතකොට 19 ගෙනාවෙ විහිළුවට ද ? මෙයා නේ විශේෂ අධිකරණයට විරුද්ධව උසාවි ගියේ.

:       0       0

shan saudi Sunday, 11 November 2018 10:39 AM

දීකිරට බළල්ලුත් සාක්කි කියනවනේ....

:       0       0

lakmal Sunday, 11 November 2018 10:46 AM

මේ රට කන්නේ පෙරකදෝරුවන්...

:       0       0

පෙරුමාල් Sunday, 11 November 2018 11:10 AM

කෙස් පලන්න ඕනේ නෑ සිල්වා මහත්තයෝ, මෛත්‍රි පාලනය කරපු වැඩේ කිසිම සදාචාරයකට, ශීලාචාර කමකට, සංගෙකට නැති අලුගුත්තේරු වැඩක්. මේ රට අගාධයට යාමට ඔහෙල වගේ අයත් වග කියන්න ඕනෑ...

:       0       0

V.warnakulasuriya Sunday, 11 November 2018 11:22 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයටත් අනුකූලද කියන එකයි ගැටළුව. මොකද අපේ ජනාධිපතිතුමා බලය ඉල්ලුවෙත්, ජනතාව බලයට පත් කළෙත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටයි.

:       0       0

Ranaweera Sunday, 11 November 2018 02:50 PM

10 සහ 11 ශ්‍රේණිවල ළමයින්ගෙන් ඇසුවානම් මේ ව්‍යවස්ථාවේ කරුණු කාරණා නිවැරදිව පහදලා දෙයි. අවුරුදු 15ව 20 පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ඇමැතිකම් දරලා නොතේරෙනවයි කියන්න බැහැ. කන්න හිතුණාම කබරගොයා තලගොයා ලෙස පෙනීමයි වරද...

:       0       0

mf Monday, 12 November 2018 02:09 PM

අපිටනම් ඔය නීතිය තේරෙන්නේ නෑ. නමුත් රටකට ඕන නිතිය කොයි කාටත් එක විදියකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 645 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site