IMG-LOGO

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.

සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස  කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.



අදහස් (24)

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

Nishan Thursday, 29 April 2021 10:35 AM

ලක්ෂ 25 - 30 පඩි ලබපු රැකියා කරපු අය ඒවා දාලා එන්නේ ඊට වඩා වැඩි පඩියක් ගෙවන නිසා වෙන්න ඇතිනේ කොහොමත්. එතකොට එහෙම අති විශාල පඩි ගෙවන්න කෝ ජනාධිපති වැය ශීර්ෂයට සල්ලි? එක්කො කොමිස් මුදල් වෙන්න ඕනෑ. නැත්නම් චීනා පඩි ගෙවනවා වෙන්න ඕනෑ. කෙසේ වුවත් ආණ්ඩුවට ගොඩක් දේවල් ජනතාවගෙන් වසන් කරන්න තියෙනවා වගේ...

:       122       78

SamanThursday, 29 April 2021 11:26 AM

පඩි ගෙවන්නෙ චීනෙන්. ඒක පැහැදිලියි.

:       55       45

gunarathnaThursday, 29 April 2021 12:00 PM

මොනවද මේ හිතලු කමෙන්ට්ස් හැටියට දාන්නේ..? ගෝඨාභයට හම්බවෙන්නෙත් ලක්ෂ 02ක් විතර. එහෙම එකේ මාධ්‍ය ප්‍රකාශකයෙක් හැටියට ගනීද ලක්ෂ 05ක් විතර දීලා..

:       34       40

Nihal Thursday, 29 April 2021 10:54 AM

පාසල සදහන් කිරිමේ ඇති විශේෂත්වය මොකක් ද? අඩුම තරමින් උපාධියක්වත් ලබාගත් විශ්වවිද්‍යලයේ නම සදහන් කලා නම් කමක් නෑ. කරුණාකර පාසල් අතර වෙනස්කමක් නිර්මාණය කරන්න උත්සහ දරන්න එපා. එය පාසල් අතර තරගය ඉහළ දමා ඒ සම්බන්ධ වෙනත් දූෂිත ක්‍රියා ඇතිකිරීමට හේතු විය හැකිය.

:       54       102

මැල්කම් Thursday, 29 April 2021 11:21 AM

හොඳ පත්වීමක්....... අද බොහෝ එෆ්එම් සේවා උදේ සිට රෑ වෙන තෙක් කරන්නේ අසන්නන් ගෙන් මුදල් එකතු කර ගැනීමයි. ඒ එස්එම්එස් ක්‍රමයට යි. ඉඳහිට කාට හෝ ත්‍යාගයක් දෙනු ලබයි. ත්‍යාගයන් ලබා ගන්නා අය අදාල රේඩියෝ වට පිං පමුණුවා එය ලබා ගනියි......... දිනකට කොතරම් මුදලක් හොයා ගන්නවා ඇත්ද ! ....... මිනිසුන් ගෙන්ම හොයා ගන්නා මුදල් ත්‍යාගයත් දෙන්නේත්, ප්‍රජා සේවයන් කරන්නේත් එෆ්එම් කම්පැනියෙන් දෙන විදියට ය. එය ඉතා අසාධාරණ ය. උදේ සිට රෑ වෙන තෙක් කරන්නේ අපව ඇන්දවීමය.

:       7       25

kapilaThursday, 29 April 2021 12:06 PM

ඉතින් අනේ ඔය එස්එම්එස් වලට පණිවිඩ නොයවා ඉන්නකෝ...!!! 

:       10       12

Tharindu PereraThursday, 29 April 2021 12:47 PM

කමක් නැද්ද?

:       1       9

Senaka Thursday, 29 April 2021 11:28 AM

ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මරදාන ඉඳලා බොරැල්ලට ගියා නම් ඔය ඉස්කෝලේ අයගේ හැටි බලාගන්න පුලුවන්. හමුදා නිලඇඳුමේ උෂ්ණයට පාර බදු අරන් අහිංසක මිනිස්සුන්ට හයිකාරකම් පෙන්නන හිස් මිනිස්සු තමයි. කොහොමත් ජනාධිපතිගේ බැරිකම කිංස්ලිගේ වැඩවලින් නම් වහගන්න බැරිවෙයි.

:       125       48

gunarathnaThursday, 29 April 2021 12:05 PM

කරුණා කරලා ජනාධිපතිගේ බැරිකම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මොකද මේ වෙනකොට ඉන්දියාවම සොහොනක් වෙලා තියෙන්නේ... මෝදිට පුළුවන් නිසාද?

:       36       43

SenakaThursday, 29 April 2021 03:05 PM

ජනාධිපතිට මොනවද පුළුවන්...? නිකම් රා කට්ටට, රුපියල් 200ට, ටකරමට, සරමට.. රට පාවාදෙන්නේ නැතිව ඉන්න. කබරයා කීයක් දුන්නද..?

:       0       0

PereraThursday, 29 April 2021 06:51 PM

මෝදිගේ වැඩ ඉන්දියාවේ මිනිස්සු බලාගනිවි අපේ සර්ගේ වැඩ ගැන අපි බලාගන්න ඕන

:       1       4

anaSaturday, 01 May 2021 01:17 PM

ඔය 2/3 බලයක් තියෙන 20 සම්මත කරගත් ජනාධිපතිට බැහැ රට ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් හදන්න. ජනතාව සංවර්ධනය කරා යොමු කරන්න. එයා සහ පාලක පක්ෂයේ බලවතුන් ළඟ නිවට වන ජනතාවක් නිර්මාණය වෙලා තියෙන්නේ.

:       0       0

Mali Thursday, 29 April 2021 12:35 PM

එක්තරා ඇමතිවරයෙක් ඊයේ කියලා තියෙනවා " පොදුජන පෙරමුණේ සියලුම දෙනා චීනයේ පුහුණුවීම් සඳහා යොමු කරනවා" කියලා. මොකද්ද දන්නේ නැහැ දෙන්න යන පුහුණුව.... ජනාධිපති මාධ්‍ය ප්‍රධානී තනතුරට මේ ළඟදී පත්කළ කෙනා ඊට කලින් "මාධ්‍යවේදීන් 2000 ක් පමණ දෙනෙකුට චීනයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබාදුන් බවත් එම පත්වීම සඳහා චීන තානාපති වරයා බලපෑම් කළ බවත් " අන්තර්ජාලයේ පලවී ඇති ලිපියක සඳහන් වෙනවා. රත්නායක මහතාටත් ඒවගේ අවස්ථාවක් ලැබෙයිද දන්නේ නැහැ...

:       57       23

දොලේවත්ත Thursday, 29 April 2021 12:50 PM

ඒ ගැන ලිව්වොත් කඩදාසි හිඟයක් ඇති වේවි..!!! 

:       1       16

banda Thursday, 29 April 2021 01:39 PM

ජනාධිපති අනුශාසක ලෙස ඥාණසාර හාමුදුරුවෝ ගන්න බැරිද?

:       2       24

tharinduThursday, 29 April 2021 03:01 PM

ඔව් දැනටත් එයා තමයි ජනාධිපති ආගමික ප්‍රචාරක සේවාවේ ප්‍රධානියා...

:       0       0

සුදර්ශන ලියනගේ Thursday, 29 April 2021 02:59 PM

කිංස්ලි ඔබත් එහෙනම් මැදමුලන මඩ ගොහොරුවට බැස්සා..? මට අවංකවම ඔබ ගැන දුකයි මිත්‍රයා.

:       6       27

Rata Perata Thursday, 29 April 2021 03:01 PM

ඔය කවුරු දැම්මත් ආයේ පාස් කරන්න බැහැ. හෝඩියේ ඉඳලාම එන්න වෙනවා.

:       0       0

Mahasohon Ampara Thursday, 29 April 2021 04:19 PM

ජනාධිපතිතුමාට අනුශාසක තනතුර බලාපොරොත්තු වන අය තමයි ඔය.

:       0       10

සේනක~ඉතාලිය Thursday, 29 April 2021 05:34 PM

මධ්‍යස්ථ විද්‍යුත් මාධ්‍යයක් වශයෙන් තිබුණා.. නමත් දැන් ඉතින් ඉවරයි. සෑම ආණ්ඩුවකම කිසිම බයක් නැතිව, කාටවත් කඩේ නොයා අඩුපාඩු පෙන්නලා දුන්නු මාධ්‍ය ආයතනයක් මෙවැනි තත්ත්වයට පත්වෙයි කියලා හිතුවේ නැහැ. කිංස්ලි රත්නායක ආණ්ඩුවේ පත්විමක් ගත්තා කියන්නේ දැන් ඉතින් ආණ්ඩුවේ අඩුපාඩුවක් ජනතාවට දැන ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා.

:       0       0

siri Thursday, 29 April 2021 06:22 PM

එහෙනං ඒකත් දෙපානේම දාගත්තා...

:       0       0

fairoos Sunday, 02 May 2021 07:44 AM

තවත් ලයිසන් ගත්තු ලොන්ඩරියේ කෙනෙක්...

:       0       0

CHANDA Monday, 03 May 2021 10:06 PM

ජනාධිපති වටේ ඉන්න බෝර්න් එගේන් අය නම් මොහුට මේ තනතුර දෙන්න මූලික වුනේ ජනාධිපතිට පරිස්සම් වෙන්න වෙයි

:       0       0

sampath Tuesday, 04 May 2021 07:35 AM

මේවා රජයේ මුදල් නිසා රජයේ ආයතන වලින් පත් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1180 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site