IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

(ඩයනා උදයංගනී)

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මෙම මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාව වී තිබේ.

මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විතය.

මෙහි සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසේ.



අදහස් (15)

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

Prabha Thursday, 29 July 2021 04:37 PM

වැඩ කරන්න ඔය කේන්ද්‍ර ඕනෑ නෑ. හරියට වැඩ කරනවා නම් මාධ්‍යවේදීයෝ ගස්යට ඉඳලා හරි රාජකාරිය කරාවි. කයිය විතරක් නම් තියෙනවා.

:       3       233

Jude perera Thursday, 29 July 2021 04:48 PM

ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගෙයි.

:       1       143

Tharindu Perera Thursday, 29 July 2021 04:49 PM

ජනාධිපතිතුමාගේ අලුත්ම නාන කාමරය!

:       4       434

Piyasinghs Thursday, 29 July 2021 05:23 PM

මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්...

:       3       180

පප්ප Thursday, 29 July 2021 05:40 PM

අනේ මෙහෙම පුහු වැඩ, අහරේ මිනිසුන්ට කන්න නෑ බඩු ගිනි ගණන්, මේ අය කථා කරන්න තැන් හදනවා මිලියන ගණන් වියදම් කරලා... මොලේ කළඳක් නැති අහංකාර පාලකයින්ගේ තකතීරු වැඩ මේ...

:       3       331

ගමේ එකාලාThursday, 29 July 2021 07:04 PM

මෙයාලගේ බොරු සෝබන වැඩ. වැඩිපුරම කරන්නේ බේගල් දෙසාබාන එකයි.

:       0       15

ලලිත් එම් Friday, 30 July 2021 07:02 AM

ලංකවේ බයියලා ඡන්දය දෙන්නේ වැඩිපුර පූචානම් බේගල් කියන එකාට කියල පසුගිය මැතිවරණ වලින් පැහැදිලිවම පේනවනේ. ඉතින් සුදු පිරුවටය සහ ගොන්සිලියා ගේ ක්‍රමය සාර්ථක වෙන්න ඕන.

:       0       1

මහසෙන් Thursday, 29 July 2021 06:06 PM

මේ මොහොතේ ජාතික ප්‍රශ්නයකට විසඳුම් ලබාදුන් සැමට ස්තුතියි !!!

:       0       131

samira Thursday, 29 July 2021 06:56 PM

කොන්දක් තියෙන පිරිසකට කතා කරන්න.

:       0       1

Rathna Thursday, 29 July 2021 07:30 PM

අපිත් දැන් ඇමෙරිකාවේ ගානටම ගෙනිච්චා එහෙනම්. මීටත් වඩා සෞභාග්‍යයක් තවත් කොහෙන්ද ? සල්ලි නැතුව හොම්බෙන් යන රටකට අත්‍යාවශ්‍යම දෙයක්. අර ගන්න දුන්නු සල්ලි අපතේ ගිහින් නෑ එහෙනම්...

:       0       147

Rohana Thursday, 29 July 2021 08:31 PM

ආණ්ඩුවේ කටයුතුවල අඩුපාඩු දුර්වලකම් පොලිෂ්කර අඩුපාඩු දුර්වලතා නැතිබවට ජනතාවට පෙන්වීමට උත්සාහ දරා ඇති බව පෙනේ...

:       0       10

Nihal Thursday, 29 July 2021 09:31 PM

බොහෝ දෙනා සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නේ මොකද බැලුවා.. බැලින්නම් ලලිත් වීරතුංග ඉන්නවනේ...

:       0       176

Demuni Uduwara Friday, 30 July 2021 03:03 AM

රෝමය ගිනිගනී... ගෝඨාභය ගිටාරය වාදනය කරයි.

:       0       0

Don Friday, 30 July 2021 08:46 AM

හරි නම් රටේ මිනිස්සු මේ කන කට්ටේ හැටියට මාධ්‍ය අමතන්න... ඕන ගහක් යට ඉඳලා.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 July 2021 08:49 AM

රට පත්වී ඇති තත්ත්වය හමුවේ මෙවන් දේ වලට මුදල් නාස්තිකිරීම අපරාධයකි. එදාවේල අමාරුවෙන් කනවා වෙනුවට ලෙවකන මේ වසංගත කාලයේ රටේ මුදල් මේ සුරංගනා ලෝක හා කතා මැවීමට යෙදවීම නොකළ යුත්තකි. මේ වැනි වැඩ කරන්නන් රටේ පවතින සැබෑ පොදු යථාර්ථය වසා වෙනත් දෙයක් පෙන්වීමට ගත් උත්සාහයක් බවත් යන්තම් හෝ බුද්ධියක් ඇත්තෙකුට පෙනේ... සීනිබෝල කතා බොහෝ මිහිරි රසින් යුක්තයි. ඒවා ආයාසයකින් තොරව අසා සිටීමටද හැකිය. එහෙත් ඒවායින් රටක ජනතාවගේ කුස පිරවිය නොහැකිය. පොදු ජනතාව දුක් ගැහැට විඳිනා අතරේ, ඒවාට පිළියම් යෙදීමට ඇති මුදල් මෙවන් දේ සඳහා යෙදවීම නොකළ යුත්තකි....

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28607 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11088 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site