(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාගේ රාජ්‍ය ආයතන සංචාර ඒ ඒ ආයතන වලට අමුතු වැය බරක් පැනවෙන මාධ්‍ය සංදර්ශයන වලට පමණක් සීමා වී ඇතැයි සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.
ඉකුත් 24 දින දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කර්මාන්ත ශාලා කිහිපයක් ජනාධිපති වරයාගේ නිරීක්ෂණයට ලක්වීමම එවැන්නක් බවත් එවැනිම සංචාරයක මාලිගාවත්ත වැඩ භූමියේ ලබන 15 දින ජනාධිපතිවරයා යලි නිරත වීමට නියමිත බවත් සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.
“රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ නිරීක්ෂනයට ජනාධිපති වරයා පැමිණිමට පෙර සති කිහිපයක සිට, අනිකුත් සියළු වැඩ පසෙකලා ජනාධිපති වරයාගේ අවධානය යොමු වන ආකාරයට එහි භූමිය පිළිසකර කිරීමට නිලධාරීන් උත්සුක වූහ. ඒ සඳහා සේවකයින් යොදවා විශාල මුදලක් වැයකර ඇත. ඉදිරි දිනක එනම් මාර්තු 15 දින නැවත දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනබල උප දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත වැඩ භූමියට ජනාධිපති වරයා පැමිණීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් මාලිගාවත්ත වැඩ භූමිය පිළිසකර කිරීම ලහි ලහියේ සිදුවේ. අනිකුත් සාමාන්‍ය රාජකාරී කටයුතු පසෙකලා අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් ලෙස සලකා වෙනත් අංශ වල සේවකයින්ද ගෙන්වා ගෙන සේවයේ යොදවා ඇත. ධාවන බල සමාජ ආයතනයේ වහලය ගලවා අලුමීනියම් මැක් පොයිල් යොදා වහලය සැකසීම පවා සිදුකරමින් ඇත. මේ සඳහා දෙපාර්තමේන්තුව අති විශාල මුදලක් වැය කරමින් ඇත.
දුම්රිය නිවාස වල, වහලයේ සිදුරු අතරින් වැහි වතුර ගෙය තුලට ගලා එමින් ඇත. දුම්රිය සේවකයාට සුබසාධනයක් නැත. පිරිසිදු වැසිකිලි පද්ධතියක් නැත. ඔහුනට සෞඛ්‍ය තත්වයක් නැත. වැඩකරන සේවකයාට රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිමක් නැත. තාක්‍ෂණ ශිල්පියාට නවීන තාක්‍ෂණ උපකරණ නැත. පිරිසිදු කිරීමට සේවකයින් නොමැති කමින් දුමිරිය අංගන වනාන්තර බවට පත්වී ඇත. සේවක උසස්වීම වසර ගණනාවකින් නැත. ආපදා ණය මුදල නැත. සේවකයින්ට ඇඳුමක් මාරුකර ගැනීමට සුදුසු ස්ථානයක් නැත. මේ සියළු දුක්ඛ දෝමනස්සයන් හමුවේ සේවකයින් වැඩ කරමින් ඉන්නේ අනේක විධ පීඩාකාරි තත්වයන් යටතේ ය. එහෙත් ජනාධිපති සංචාර වලදි එවැනි තත්වයක් නොපෙනෙන පරිදි ආයතන උඩුයටකුරු කිරීමට නිලධාරීන් පෙළඹී ඇත.
කිසිවෙකු නොදන්නා පරිදි රහසිගතව රාජ්‍ය ආයතනයකට යාමට ජනාධිපති වරයාට හැකිය. එසේ නොකර සැලසුම් කරන ලද ජනාධිපති සංචාරයකින් සිදුවන්නේ ඩෙංගු මදුරු මර්ධනය කිරීමක් පමණි. පෙර සැලසුම් සහගතව, මාධ්‍ය සමග ගොස් සිදුකරන රාජ්‍ය ආයතන සංචාර වැඩකට නැති අර්තශූන්‍ය මධ්‍ය සංදර්ශන පමණක් වන බවද පෙන්වා දෙමු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනාධිපතිවරයා