(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි හා සමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ආරක්ෂක රාජකාරි කටයුතු, රථවාහන රාජකාරි කටයුතු, පොලිස් නිලධාරීන්ගේ සුභ සාධන කටයුතු සොයා බැලීම්, ප‍්‍රභූ ආරක්ෂක සේවා, හදිසි ඇමතුම්, අධිකරණ කටයුතු, බුද්ධි නිලධාරීන්, මැතිවරණ පැමිණි, විමර්ශන ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම පිරිස යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් ද යොදවා ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපති මැතිවරණයට අදාලව ඡන්ද පොළ මධ්‍යස්ථාන 12856 ක් සඳහා නිලධාරීන් 25712 වශයෙන්ද, ජංගම සංචාර 3043 වෙනුවෙන් 6086 දෙනෙක් ද, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 ක් වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2193 දෙනක් ද, මර්දන කණ්ඩායම් සඳහා නිලධාරීන් 1233 දෙනකුද, මාර්ග බාධක 190 වෙනුවෙන් 1687 ද වශයෙන් මෙම පිරිස යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම විශේෂ මාර්ග බාධක 190 වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1687 දෙනකු හා සිවිල් ආරක්ෂක බලකායේ 190 දෙනකු යෙදාවා ඇති බවද ස`දහන් වේ.
එම විශේෂ මාර්ග බාධකයක් වෙනුවෙන් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරියකු, පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් සිව්දෙනකු හා සිවිල් ආරක්ෂක බලකායේ දෙදෙනකු වශයෙන් යොදවා ඇති ඒ මහතා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175 ක්