IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිට අපහාස වන අත්පත්‍රිකා 600 ක් සමග 3ක් අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ නාලක දහනායක)

පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු  යැවීමේ සිද්ධිය ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාට  අපහස වන අන්දමේ අත් පති‍්‍රකා 600 ට අධික ප‍්‍රමාණයක් තැපැල් කිරීමට පැමිණි  පුද්ගලයින් තිදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

ඔවුන් ප‍්‍රබල අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් ඇතුලු තිදෙනකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරුවන්  තිදෙනා මෙම ලිපි තොගය  තැපැල් කිරීමට මධ්‍යම තැපැල් හුවමාරුවවෙත පැමිණ ඇති අතර එහි පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට මෙම ලිපි තොගය පිළිබඳව සැක සිතී  එක් ලිපියක් කඩා පරීක්ෂා කිරීමේ දී  මෙම මඩ පති‍්‍රකාව හමුවී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ  අන්තර් ජාලයේ තිබු  ප‍්‍රකාශයක් මොවුන්  ඡායා පිටපත් කරගෙන මෙලෙස  තැපැල් කිරීමට පැමිණ ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම ලිපි මහනුවර ප‍්‍රදේශයේ විහාරස්ථාන සහ පුද්ගලයන් වෙත  තැපැල් කිරීමට නියමිතව තිබු බවද පොලිසිය පවසයි.

කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාගල ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට  භාර දීමට නියමිතව ඇත.  



අදහස් (6)

ජනාධිපතිට අපහාස වන අත්පත්‍රිකා 600 ක් සමග 3ක් අල්ලයි

Kumar Friday, 03 May 2019 01:56 AM

ජනාධිපතිතුමාට අපහස කිරීම ගැන දණ්ඩන නීති සංග්‍රහයේ සඳහාව තිබෙනවද. මම මෙපමණ කලක් සිතුවේ සිවිල් නඩුවක් කියලනෙ. ලංකාවේ ජනාධිපති අධිරජකෙනෙක් වගේනෙ. එසේ නම් ඇමෙරිකාවේ ජනධිපතිට විරුද්ධව පලකරන දෙයට මරණ දඬුවම දෙන්න සිදුවෙනවා.

:       9       8

gbase Friday, 03 May 2019 02:38 AM

ස්වයංක්‍රීය ප්‍රතිචාර

:       0       0

Nimal Friday, 03 May 2019 03:32 AM

මේ මොහොතේ කළ යුත්තේ එකිනෙකාට අපහාස කරගනිමින් පටු වාසි ලබා ගැනීම නොව... එකට එක්වී ත්‍රස්තවාදය පරාජය කරමු...

:       1       37

indika Friday, 03 May 2019 03:59 AM

ගොනෙක්ගේ වැඩක් !!

:       11       73

Raveendra Friday, 03 May 2019 07:00 AM

අප කව්රුත් අපගේ තනතුරු වලට මෙන්ම පුරවැසියන් හැටියට අපගේ පරම යුතුකම අංකව කරන්නේනම් කිසිවෙකු අපට අපහාස නොකරන බව මෙලොව තිබෙන ධර්මතාවයයි. අපගෙන් අපගේ මාතෘ භූමියට වියයුතු යුතුකම් නොකරන්නේ නම් ඔහු හෝ ඇය තනතුරින් සක්‍රදෙවියෝ උනත් අපහස කර හෝ තනතුරෙන් නෙරපිය යුතුය. එය එම රටේ පුරවැසියන්ගේ වගකීමක් රට විනාශ වීමට පෙර. එයයි අපගේ විස්වාසය. එබැවින් වඩාත් වැදගත් වන්නේ මම ජනාධිපතිද , අගමැතිද, විපක්ෂනායකද යන තනතුර නොව තම තමන්ගේ යුතුකම් අවංකව තමන්ගේ මාතෘ භූමිය ඉදිරියේ සිදු කරන්නේද යන්න නොවේද? හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.. යන සුජාතා අත්තනායක මහත්මියගේ ඒ අර්ථවත් සුන්දර ගීතය මේ සියලුම තනතුරු ලබමින් ජීවිකාව ගෙන යන මහජන නියෝජිතයන්ට නැවත වරක් මතක්කර දෙන්නෙමු.

:       0       4

කිං දාවිත් Friday, 03 May 2019 09:04 AM

ගොං කිරි බීපු එකෙක්. ඇත්තට අර ත්‍රස්තවාදීන්ට අහිංසක මිනිස්සු නැතුව මොවුන්ට තමයි ‌බ‌ෝම්බ තියන්න තිබ්බේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 259 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 443 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site