(ඉෂාන් සංජීව)
කොවිඩ් 19 වසංගත තත්තවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද(22) දින සිට යළි ආරම්භ විය.
දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත එකවර විශාල සේවාලාභීන් ප්‍රමාණයක් එක් රැස්වීමේ අවදානම් තත්ත්වය පිළිබඳ සලකා සීමිත සේවාලාභීන් පිරිසකට විශේෂ වැඩපිළිවෙළක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ.
එහි පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 250කටත්, ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලය මඟින් දිනකට සේවාලාභීන් 50කටත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd