(රන්ජන් කස්තුරි)
2019 වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට පාසල් කටයුතු අධ්‍යක්ෂ කමනි පෙරේරා සහ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක යන මහත්මීහු අයත්වෙති.
මේ වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ බවට අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් එහිදී කරුණු සොයාබැලීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්
Raveendra Tuesday, 05 February 2019 11:26 AM
අනේ මන්දා දැන් ඔය ප්‍රශ්නෙ අද ඊයේ ආපු එකක්ද? මෙයා දැන්ද දන්නේ?
SIRAJ SALAM Tuesday, 05 February 2019 12:18 PM
කොළඹ සහිරා විදුහල පළමු වසර සදහා රු 400000-500000 ගන්නවා, ළමුන් ඇතුලත් කිරීමට අයදුම්පත්‍රයක් සදහා රු 1000 අයකරනු ලබයි. පළමු වසරට ළමුන් ඇතුලත් කරන්නේ 1000 විතර, අයදුම්පත්‍ර 5000 විතර විකුනයි.
Primas Ignetiyas Wednesday, 06 February 2019 09:46 AM
ජාතික පාසල්වලට හා නගරබද ඇති පහසුකම් සහිත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට දෙමව්පියන් අක්‍රමිකතා කරන්නේ අැයි? කවුරු මොනවා කිව්වත් ගම්බද පාසල්වල ළමුන්ට අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් මදි... ලඟම පාසැල හොඳම පාසැල කිව්වට තවම වෙලා නැහැ. අපිට මහා ලොකුදේවල් අවශ්‍ය නැහැ. ගුරු හිඟය තවම ගමේ පාසලේ ලොකු ප්‍රශ්නයක්. එය නැතිකරන්න. ඉන්න ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න. ගමේ පාසල්වල ඉන්න බොහෝ ගුරුවරු හා ජාතික පාසල්වල හා නගර බද ඇති පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් අතර වෙනස බලන්න. ඉගැන්වීමට කැපවීම හා උනන්දුව ඇත්තේ මොන පාසල්වල ගුරුවරුන්ටද කියා අපි අමුතුවෙන් කිවයුතු නැත. සිසුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සොයාබැලීම වගේම සිසුන් ඇතුළත් කිරීමට දෙමව්පියන් පොරකන්නේ අැයි? කමිටු පත් කරකර කාලය කා දැමුවා ඇති. අවශ්‍ය බෙහෙත අවශ්‍ය තැනට දෙන්න. එවිට කොටි යුද්ධය ඉවර වුණා වගේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ යුද්ධයත් ඉවර වෙයි...