IMG-LOGO

ජාජබට බිත්තර ගැසූ දෙදෙනා රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අත්තනගල්ල  මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද නියෝග කළාය.

ආනන්ද බණ්ඩාර හා රත්මල් අසිත කුමාර යන විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනා එසේ රිමාන්ඩ් කැරිණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30 වනදා එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් කළගෙඩිහේන උත්සව ශාලාවකදී පැවැත්වෙමින් තිබියදී දහසය දෙනකු ගෙන් සමන්විත මැර කල්ලියක් සමළු භූමියට කඩා වැදී එහි නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කොට පැන ගොස් තිබිණ.

එසේ පැන යමින් සිටි පිරිස අතර සිටි සැකකරුවන් දෙදෙනා එහි සිටි පිරිසක් විසින් අල්ලා අල්ලා නිට්ටඹුව පොලීසියට භාර දී තිබිණ.

පෙර දිනයක ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා මෝසමක් මගින් බී වාර්තාව කැඳවා බිත්තර ප්‍රහාරය එල්ල කොට පැන යමින් සිටි පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනකු අල්ලා නිට්ටඹුව පොලීසියට බාර දුන් නමුත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකොට මුදා හැර බී වාර්තාවක් පමණක් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව කියා සිටියේය.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයා දක්වන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරිය එම සැකකරුවන් දෙදෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

එම බී වාර්තාව නැවත කැදවූ අවස්ථාවේ ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා කරුණු දක්වමින් එම බිත්තර ප්‍රහාරයට සම්බන්ධව පොලීසියට අල්ලා දුන් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ වතුපිටිවල මූලික රෝහලේ අංක 07 වාට්ටුවට ඇතුළත් කොට සිටියදී අධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැර ඇති බවත් අනෙක් සැකකරුවන් දාහතර දෙනා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවා සිදු කොට නැති බව කියා සිටියේය.

 



අදහස් (1)

ජාජබට බිත්තර ගැසූ දෙදෙනා රිමාන්ඩ්

dasun Tuesday, 08 March 2022 09:08 AM

එතකොට ඊයේ සිද්ධියට අර මතුගම හාදයා ,මදුර විතානගේ එම්.පී ත් හෙට රිමාන්ඩ් වෙයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site