IMG-LOGO

ජගත් කුමාර යළිත් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති ධූරයේ වැඩ භාරගනියි

(ඩයනා උදයංගනී)

පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර දේශපාලන පදනමින් නව ස්ථානාධිපතිවරයකු පත් කළ බව කියමින් ඊට විරෝධය දක්වා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉවත් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (5) යළිත් එම තනතුරේ වැඩ භාරගත්තේය.

පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළව මතු වූ ගැටළුව නිරාකරණයවීම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ඉල්ලීම මත නැවතත් එම තනතුරේ වැඩ භාරගත් බව ජගත් කුමාර මහතා පැවසීය.

ආගමානූකූලව, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් යළිත් එම තනතුර භාරගත් ජගත් කුමාර මහතා අතින් අඩු ආදායම්ලාභීන් වෙත නව සමෘද්ධි සහනාධාර පත්‍ර, බද්ධ පළතුරු පැළ හා කිකිලි පැටවුන් බෙදාදීම ද සිදුකෙරිණි.



අදහස් (4)

ජගත් කුමාර යළිත් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති ධූරයේ වැඩ භාරගනියි

සුසන්ත Friday, 05 November 2021 08:42 PM

ලැජ්ජා නැති රටේ පනමට පොල් හැටේ කිව්වලු

:       0       3

ලුම්බිණි Saturday, 06 November 2021 04:40 AM

පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ආපහු ගත්තේ නැති උනාට තමන්ගේ තනතුරු නම් ආපහු ගත්තා.

:       0       4

swene Saturday, 06 November 2021 05:40 AM

ඒ කියන්නේ ඔබගේ කටයුතු වලට බලපෑම් කලයි කියූ කැබිනට් ඇමති දෙපොලගෙ බලපෑම් ඉවත් කලාද? නොඑසේ නම් ඔබත් සුදනෙක් යයි පෙන්වීමට තව රඟපෑමක් කලාද ?

:       0       4

ravin Saturday, 06 November 2021 08:52 AM

මේ දවස්වල නාටක සෑහෙන්න රඟදක්වනවා නේද.?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site