(කාංචන කුමාර ආරියදාස)
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙද්දී වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ගලේවෙල මැදබැද්දේ පදිංචි කාන්තාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීම මෙසේ අහිමි වී ඇත්තේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචි පත්තිනි ගෙදර කුසුමාවතී නැමැති කාන්තාවකටය.
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පත්‍රිකාව සහ නිල හැඳුනුම්පත රැගෙන මැදබැද්ද ඡන්ද මධ්‍යස්ථානයට යනවිට තමාට හිමි ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව ස්ථානභාර නිලධාරීවරයා පැවසූ බව එම කාන්තාව සඳහන් කළාය.
තමන් ඒ පිළිබඳව එම ස්ථානයේ නිලධාරීන්ට පැමිණිලි කළ ද කිසිවක් ප්‍රකාශ නොකොට තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසා මධ්‍යස්ථානයෙන් ඉවත් කළ බව ඇය පැවසුවාය.
මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීවරයාට පැමිණිලි කිරීමට ගිය බවත් එහෙත් එවැනි පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බවත් එම නිලධාරියා සඳහන් කළ බව ඇය වැඩිදරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ...!!! ඔය තියෙන්නේ ආණ්ඩුව හොර ඡන්ද දාන්න පටන් අරගෙන වේලාසනින්ම...
පුතාණෝ පියාණෝගේ අඩි පාරේ යයි..
අනිවාර්යයෙන්ම බොරුවක්... ඔච්චර දේශපාලන හැඳුනුම්කම් තියෙන කෙනෙක් නම් ඔතන හිටපු නියෝජිතයින්ට හොරට ආපු කෙනා අඳුනගන්න පුලුවන් වෙන්න ඕනෑ. පරාජය වෙන නිසා ගොතපු කතාවක්..
හොර ඡන්ද හැමතැනම... මේ පත්තරේම කීයක් තිබුණද? යහපාලනය ඔන්න. මිනිස්සුන්ගේ ජනමතය මෙහෙම වෙනස් කරන්න දෙන්න බෑ. මේ මැතිවරණ තියලා මොකටද?
ආණ්ඩුවේ පහත් දේශපාලනයේ තරම...
අප්පච්චි වැඩි ආරක්ෂාවට කලින්ම ඡන්දය දම්මලා...
ඉස්සර ඡන්ද පත්‍රිකා එකතු කරපු කාලයකුත් තිබුණා මට මතකයි.
මේ මඩ ගහන්න කරන එක්තරා උප්පරවැට්ටිවලින් එකක්.. මේක මාධ්‍ය සංදර්ශනයක්...
"මුරකාවල් නැති වැටකොටු බැඳ නැති අපේම රටක් අපේම රටක් "
ඡන්ද පත්‍රිකාවේ තිබෙනවා නේද ජාතික හැඳුනුම්පත් අංකය? ඔය හොර ඡන්ද දැම්මා කියන අය කරුණාකරලා කියනවද කොහොමද ඔතන අනන්‍යතාවය ඔප්පුකරන්න ඇත්තේ කියා? ඔය වැඩේ කරන්න ඇත්තේ ඡන්ද නියෝජිතයින්ගේ සහයෝගය ඇතිව වෙන්න ඕනෑ...
එදා ඉඳලම යූඑන්පී එක එහෙම තමයි.
මේ අදහස් ලියන අය කොහොමද දන්නේ හොර ඡන්දෙ කාටද දාලා තියෙන්නේ කියලා. ඒක නොදැන එක එක පැත්තට බෙදිලා බැන ගන්නවා.
එජාපයේ අයට මේවා සුපුරුදු දේවල්...
ඔය ඡන්දපොලේ වැඩ කරන කස්ටිය සුදට සුදේ සුදු අයද?
කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? ඡන්දය දැමීමේ කටයුත්තත් කරලම දෙනවා...
සාටකයන් ඔවුන්ගේ පාලනයේදී කර තිබෙන ඡන්ද මගඩි සිහිකර ගන්න කියා වහලුන්ට කියමි...
වර්තමානයේ දී මෙම සිදුවීම පිළිගත නොහැකි කාරණයකි. එසේ නම් හැඳුනුම්පත සකස් කරගෙන කුමන්ත්‍රණකාරී ලෙස පැමිණිය යුතුයි. මැතිවරණය දූෂිත යයි පැවසීමට බලවතුන් විසින් කරනු ලැබූ කුමන්ත්‍රණයක් විය හැකිය.