(ඩයනා උදයංගනී)
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රටේ ජනමතයට ගරු කරමින් තමන් අද (18) සිට අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

COMMENTS
ඔබ උගත් මිනිසෙක්.
ජනමතයට ගරු කරනවානම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද අයින් විය යුතුයි. මේ හැමෝම කරන්නේ බොරුවක්.
දෙවියෝ වඩිද්දී යක්කු දුවනවා කියන්නේ මෙන්න මේවට තමයි.
ප. ච. රණවක තුමනි. ඔබගේ පච රටේ මහජනතාව ඇහුවේ නෑ නේද.
වෙච්ච කලබගෑනියට මම හිතුවේ ජීවිතෙත් අතහරී කියලා. හැබැයි මීට පසු දේශපාලනයට එන්නත් එපා.මොකද ඇමරිකන් කාරයෙක් යටතේනේ ඉන්න වෙන්නේ.
රටේ සිදුවූ අපරාධ වලට වග කිවයුතු තවත් පච මල්ලක්.
හෙළ උරුමය පාවල දුන්න, දේශපාලන අනාගතය විනාශ කරගත්තා. ආයේ දේශපාලනයට එන්න එපා.
මේ වගේ මිනිස්සු අපේ රටටම අපලයක්, පාප මිත්‍රයෙක් , එබැවින් මෙවැනි මායාකාරයින් නැවත පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම රටට ආදරේ කරන බහුතර ජනතාවගේ වගකීමයි.
තමුන්නාසේලාට තනතුරු අතහරින්න ඡන්දයක් තියලා පරදින්නම ඕනිද? රජය අසාධාරණ වැඩ කරනවා දැන දැනත් බල තණ්හාවට පැල් බැඳගෙන ඉඳලා දැන් සුදනා වෙන්න තනතුරු අතහරිනවා. මහත්තයෝ තමුන්නාන්සේලා වගේ මැටි මෝල්ලුවත්, වහල්ලුවත් නෙමෙයි රටේ ජනතාව කියලා මතක තියා ගත්තොත් හොඳයි. කට්ටියක් එකතුවෙලා රට නැත්තටම නැති කරලා දැන් ඉතින් ජනතාව ගොනාට අන්දවන්නනම් එන්න එපා මහත්තයෝ.
අනිවාර්යෙන්ම, රටට ජාතියට ආදරයක් ඇති ජනතාවට එය භාර කරමු.
කෝ රාජිත ...
රිය අනතුරෙන් ඒ අහිංසකයා තාම විදවනවා ලෙඩ ඇදේ . සුදු පිරුවටේ පොරව ගත්ත හිවල්ලු.
මහින්ද ජනාදිපතිතුමා මෙවන් අයට ඇමතිකම් දීලා මෙවන් අය සමග යුද්ධයක් දිනුවට වෙනම සම්මානයක් දෙන්න ඕනේ... තවත් ළංකරගන්න එපා..