(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තිරු නඩේශන් යැයි හඳුන්වා ගත් පුද්ගලයකු ලබා දුන් සැකකටයුතු දුරකතන ඇමතුමක් නිසා තමාගේ ජීවිතය ගැන බියක් දැනෙන බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
එම දුරකතන ඇමතුම මගින් කිසියම් තර්ජනයක් කෙරුණු බව හැඟී ගිය හෙයින් තමා ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළ බවද හෙතෙම සඳහන් කළේය.
විජේසිරි මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
තමා පාර්ලිමේන්තුවේදී පැනඩෝරා ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් ගැන එම දුරකතන ඇමතුම දුන් පුද්ගලයා එහිදී විමසීමෙන් පසු ඒ කාරණය ගැන කතා කිරීම හොඳ යැයි පවසා සිනාසී ඔහු එකවරම දුරකතනය විසන්ධි කළ බවද විජේසිරි මහතා සඳහන් කළේය.
තමාගේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් අද වනතුරු කිසිදු තොරතුරක් ලබාදී නැතැයිද ඔහු පැවසුවේය.
මේ සිද්ධිය සිදුවී පසුගිය 14 වැනිදා අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා තමාට දුරකතන ඇමතුමක්දී " චමින්ද අයියේ තිරු කතා කළාද." යනුවෙන් විමසූ බවත් ඒ කතා කළ පුද්ගලයා ගැන සැකයක් මතුවූ හෙයින් ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි තමා ඒ අවස්ථාවේදී ඔහුට දැනුම් දුන් බවත් විජේසිරි මහතා කීවේය.
මෙහිදී ලොකුබණ්ඩාර මහතා " ඒ කතා කළේ තිරු තමයි" යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා පැවැසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක්
ravin Thursday, 21 October 2021 03:56 PM
අනේ අනේ එකයි එකයි දෙකයි කියන්න බැහැ තමා ඒත් ඒක එකතු කිරීම එක සමානයි දෙකයි කියලා කියන්න අමාරු නැහැ නේද?