IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීන ජාතිකයෙක් අබිරහස් ලෙස මියයයි

(ඔගස්ටීන් ප්‍රනාන්දු, එච්. චන්දන, ජයරත්න වික්‍රමආරච්චි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ චීන ජාතිකයාගේ සිරුර පිළිබඳව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කර, පුත්තලම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්  මොහොමඩ් රාපි මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය.

කුඩාමැදවච්චිය අක්කර 100 ප්‍රදේශයේ වන අලි ගැවසෙන කැලයක් මැද ගොවිපළක් පවත්වා ගෙන ගිය, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි චීන ජාතික ලී ජයාන් (අවු:65) නැමති අය ඊයේ( 2) දින සවස මියගොස් සිටි  බවට ගොවිපළේ මුරකරු කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂණ  ආරම්භ වූ අතර, සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලීසිය පුත්තලම අධිකරණයට කරුණු දැක්වීය. මෙම ස්ථානය නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ගොවිපොළේ කිසිදු සේවකයකු මෙම චීන ජාතිකයා  නැවතී සිටින නිවහන ප්‍රදේශයට පැමිණීම අකමැති බවත්, ඔහු තනිවම අහාර සුදානම් කරගැනිම් හා දෛයිනික වැඩ කටයුතු සිදුකරන බවත්,   සතියකට පමණ පෙර මෙම ගොවිපොළේ කළමණාකරු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවත්,  අයිතිකරු නොමැති නිසා ජනේලයකින් බලන විට චීන ජාතිකයා පුටුවක් මත වැටී සිටින අයරු දක්නට ලැබුණු බවත් මුරකරු කරුවලගස්වැව පොලීසියට පවසා ඇත. චීන ජාතිකයා මිය ගොස් සිටි ස්ථානයේ කුඩා කුප්පි දෙකක් තිබූ බවත්, එහි ඇත්තේ ඖෂධයක්ද, එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලීසිය කියයි.

මෙම චීන ජාතිකයා  1992 මෙරටට පැමිණි ඇති අතර,   ඉකුත් අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී පමණ  චීනයට ගොස් නැවත පැමිණ ඇත. ඔහු 2015 වර්ෂයේ ශ්‍රී ලංකික පුරවැසිභාවය ලබා ඇති අතර කලක් චීන යුද හමුදාවේ සේවය කර ඇති බවද අනාවරණය වී ඇත.

පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලේන්ද්‍ර කාන්ත් මහතා හා පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමරවීර මහතා එම සිරුර  සහ ස්ථානය පරීක්ෂා කළහ.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයතු සඳහා පුත්තලම මූලික රෝහලට රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සූජීව අලවත්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

(ඡායාරූප - එච් .චන්දන)

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

 



අදහස් (1)

චීන ජාතිකයෙක් අබිරහස් ලෙස මියයයි

chandima Tuesday, 03 March 2020 02:12 PM

මිනිය ගාව වටවෙන්න ඉස්සරවෙලා කොරෝනා හැදිලා තිබුනද කියලා බැලුවානම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site