ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 1000 ක පමණ වටිනාකමකින් යුතු බවුසර් රථ 90ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (05) පිරිනැමිණි.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පද්මකුලසූරිය, අම්පාර දිසාපති ඩී. එම්. සී. බණ්ඩාරනායක යන මහත්වරුන් වෙත සංකේතාත්මකව අදාළ ලිපිලේඛන හා යතුරු ප්‍රදානය කරන ලදී.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ඌව පළාත් සභා මන්ත්‍රී සම්පත් ජයසූරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චමින්ද පතිරාජ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප චතුර එස්. කොඩිකාර)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
චීනයෙන් බවුසර් 90 ක පරිත්‍යාගයක්