(මනෝජ් හර්ෂික)
චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි විශේෂ මෘදුකාංග පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට චීන විශේෂඥයන් කණ්ඩායමක් කටයුතු කළ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.
ආතර් සී ක්ලාක් ආයතනය සහ චීනයේ අභ්‍යවකාශ විද්‍යා ඇකඩමිය යටතේ ඇති දුරස්ථ සංවේදනය හා පෘථිවිය පිළිබඳ ආයතනය (RADI ) සමඟ එක්ව මෙම මෘදුකාංගය ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීට පියවරගෙන තිබේ.
මෙම මෘදුකාංගය පිළිබඳව දැනුම ලබා දීම සඳහා චීනයේ RADI ආයතනයේ මහාචාර්ය ජියන්බෝ ලිවු GEOSS (AOGOESS) සංවිධානයෙහි මහාචාර්ය ෂියන්ග් ෂෝව් සහ ආචාර්ය සුතාඕ ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් පැමිණි බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, සංස්ථා හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් වෘත්තියවේදීන් පනස් දෙනකු පමණ මේ සඳහා සම්බන්ධ කර ගත් බවත් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම මෘදුකාංගයේ දත්ත මඟින් කෘෂිකාර්මික හා ආපදා නිරීක්ෂණයට යොදාගන්නා ආකාරය පිළිබද න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම හා ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ තාක්ෂණය යොදාගැනීම පිළිබඳ තාක්ෂණික හැකියාවන් හා ඌනතාවයන් හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම, අභ්‍යවකාශ තාක්ෂණයෙන් ලබා ගන්නා දත්ත හා මෙවලම් ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ගයන්හි ඵලදායි ලෙස යොදා ගැනීම ආදිය පිළිබඳ දැනුවත් කිරීමක් චීන විශේෂඥයින් සිදු කළ බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිසර තත්ත්ව නිරීක්ෂණයට චීනයෙන් මෘදුකාංගයක්
Dirt Monday, 17 February 2020 03:39 PM
අනේ මහත්තයෝ පරිසර ඇමති කෙනෙකුත් චිනෙන්ම ගෙන්න බැරිද ? (ඔක්සිජන් වලින් හුස්මගන්න කෙනෙක් ) මොකද අපේ අයට ඔක්සිජන් එච්චර ඕනි නෑ.