






කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි.
ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00ක වටිනාකමකින් යුතුය.
මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ පොත්පිටියගේ ඉසුරු චතුරංග විසිනි.
(ඡායාරූප - ගයාන් අමරසේකර )
COMMENTS
අගේ කළයුතු කාලෝචිත වැඩක්...
ඉතාම වැදගත් පියවරක්. ජෝර්ජ් කීට්ලා හිස් මුදුනින් පිළිගත් අපට මේ සරල සාමාන්‍ය මනුස්සයා, විශිෂ්ට චිත්‍ර ශිල්පියා නිසි ඇගැයීමට ලක් කරන්න නොහැකි වුණා. ඒ අරුතිනුත් මෙය ඉතා හොඳ පියවරක්. ශිල්පී ඉසුරු චතුරංග මහතාටත්, තැපැල් දෙපාර්තමේන්තුවටත් ස්තුතියි.
මෙතරම් පමාවී හෝ මේ අති දක්ෂ ලෝ පරසිදු චිත්‍ර ශිල්පියාට උපහාර දැක්වීමට රජය තීරණය කිරීම ඉතාම උසස් දෙයකි. මෙවැනි ජනප්‍රිය කුසලතා ඇති විවිධ කලාකරුවන් තවත් රටපුරා සිටි. වසරකට කිහිප දෙනෙකුට මොනයම් ක්‍රමයකින් හෝ මෙවැනි සම්මාන පිරිනැමීමෙන් ඔවුන්ගේ කුසලතා එළිදැක්වීම ඔවුන්ට කරන ගෞරවයකි.
මෙවැනි කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ඔවුන්ට කරන ගෞරවයක්.
ඉහලින්ම අගය කරනවා එතුමාට දුන් ගෞරවයට ...