IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී

ජේ.කේ.එල් චාමින්ද)

අධික වර්ෂාවත් සමඟ  ගිංගගේ  තවලම ජලමාපකයේ ජල මට්ටම  අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පවසයි.

ජලමට්ටම වැඩිවිමත් සමඟ නෙළුව තවලම යන ප්‍රදේශ  ගංවතුර  අවදානම් මට්ටම ආසන්යේ පවතින බවද  ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.

ගංවතුර අවදානමක් ඇතිවුවහොත් පෙරසුදානමක් ලෙස  නාවික හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

තවලම ජලමපකයේ ජලමට්ටම මිටර් 4.5 දක්වා වැඩිවුවහොත් ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබව පවසන ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා මේ වනවිට ගිංගගේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මිටර් 2.52ක දක්වා ඉහළ ගොස් ඇති බවද කීය.

ගිංගගේ පෝෂිත ප්‍රදේශය වන ලංකාගම ප්‍රදේශයට ඊයේ (15) රාත්‍රී මිලිමිටර් 108ක වර්ෂාපතනයක් ලැබි ඇති බව පවසන ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා  අද පස්වරුව වන විට ගිංගගේ පහළ නිම්නයේ ජල මට්ටම වැඩවිය හැකි බවද පවසයි.

 

 



අදහස් (0)

ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site