(සිරංගිකා ලොකුකරවිට) 

නෙළුව, තවලම හා සිංහරාජ වනාන්තර ප්‍රදේශයට ඊයේ (18) රාත්‍රී සිට ඇතිවූ අධික වැසි හේතුවෙන් මේ වනවිට ගිං ගඟ ඉහල  ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව නෙළුව, තවලම, හිනිදුම හා නාගෙඩ ප්‍රදේශ වල පහත් බිම් වල වාසය කරන ජනතාවට සුරක්ෂිත ස්ථාන වලට ඉවත් වන ලෙස උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් අාපදා කළමනාකරණ ඒ්කකය සඳහන් කරයි.

තවලම ජල මාපකයේ අනතුරුදායක ජල මට්ටම මීටර 4.27ක් වන අතර එහි සුළු ගංවතුර මට්ටම ලෙස සළකන්නේ මීටර 4.57කි.

අද (19) උදෑසන 11.00 වනවිට තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.89ක් දක්වා ඉහළ ගොස් තිබූ බැවින් සුළු ගංවතුර තත්ත්වයක් බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබිණි.

‍සිංහරාජ වනාන්තර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට විශාල ජලකඳක් ගිං ගඟ දිගේ පහළට ගලා එමින් පවතින අතර ගඟ දෙපස පහත් බිම් ජලෙයන් යටෙවමින් පවතී.

නෙළුව නගරයේ පොළ භූමිය අසළ නෙළුව දෙල්ලව ප්‍රධාන මාර්ගය අඩි හතරක් පමණ ජලයෙන් යටවී තිබේ.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තවලම හන්දියේ පිහිටුවා ඇති ඉන්ධන පිරවුම්හළේ ද සියලු පොම්ප ක්‍රියාවිරහිත ක්‍රර ඒවා ඉවත්කිරීමට ද කටයුතු කර ඇත.

මෙලෙස ජලය වැඩිවීම හේතුවෙන් ඉදිරි පැය කිහිපයේ දී මාපලගම, නාගොඩ, බද්දේගම ප්‍රදේශවලට ද අවදානම් තත්ත්වයක් උදාවිය හැකි බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.