IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගිහිකළ නමට ගත් රියදුරු බලපත‍්‍රය වෙනුවට තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරන්නැයි නියෝග


(අජිත්ලාල් ශාන්තඋදය)


නැගෙනහිර පළාතෙ මාවඩිචේන, කල්ලඅඩි, පාෂාණ පාෂාණබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ දේවානන්දකිත්ති හිමියන් පැවිදිවීමට පෙර ගිහිකළ නමට ලබාගත් රියදුරු බලපත‍්‍රය වලංගු එකක්ද යන්න මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන ලෙසත් එතෙක් එකී බලපත‍්‍රය වෙනුවට තාවකලික රියදුරු බලපත‍්‍රයක් උන්වහන්සේ වෙත නිකුත් කරන ලෙසත් මුතූර් මහේස්ත‍්‍රාත් මොහොමඩ් ෂරීෆ් මොහොමඞ් සම්සුදීන් මහතා මුතූර් පොලීසියට නියෝග කළේය.

රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම, රියදුරු බලපත‍්‍රයක් නොමැතිව ධාවනය කිරීම, අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවීම සහ රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ මාවඩිචේන, කල්ලඅඩි, පාෂාණ පාෂාණ පබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ දේවානන් කිත්ති හිමියන්ට එරෙහිව චෝදනාවලට නිවැරදිකරු බව පැවසීමෙන් පසු නඩුව විභාග විය. 

මුතූර් පොලිස් වසමට අයත් ඉරුදියපුරම්හි දී 2018-07-17 වන දින මෙම අනතුර සිදුව ඇති බව චෝදනා නගමින් මූතූර් පොලීසිය අධිකරණයට දන්වා තිබුණි. අනතුරින් තුවාල ලබා තිබුණේ ඉරුදියපුරම් ලිපිනයේ පදිංචි මරියන් ශිවමාලෙයි යන අයයි. ඔහු පදවාගෙන ආ යතුරුපැදිය චුදිත හිමි විසින් පදවාගෙන ගිය කැබ් රථයේ වම් පස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.


මුතූර් පොලිසිය පෙර නඩු දිනයේ දී වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවේ පවසා සිටියේ පැවිදි නමින් බලපත‍්‍රයක් අවශ්‍ය බවය. චුදිත හිමිනම මෙදින සිය චීවරය ගලවා අදනයත් සිවුරට යටින් අදන ඇඟලූමත් පැළඳ  සිය නීතීඥවරයා වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි. එහෙත් අධිකරණ ශාලාවට උන්වහන්සේ ඇතුලූවී තිබුනේ සිවුර පැළඳගෙනය. 


චුදිත හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්‍ෂමන් බණ්ඩාර මුල්ලේගම මහතා කරුණු දක්වමින් සැකකාර හිමියන් පැවිදිවීමට පෙර වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ බවත් ඒ කාලයේ ගිහිනමට වලංගු රිය බලපත‍්‍රයක් සතුව තිබූ බවත් පැවසීය.


බෞද්ධයින් කිසිවෙකුත් නොමැති නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැකගෙන වැඩවාසය කරන මේ භික්‍ෂූන් වහන්සේට විහාරස්ථානයේ අවශ්‍යතා ඉටුකර ගැනීමට වැටුප් දී රියදුරෙක් නවත්වා ගැනීමට වත්කමක් නොමැති බවත් දැන්වීය.


ඒ නිසා සිද්ධිය වූ දිනයේ උන් වහන්සෙගේ් ගිහි නමට නිකුත් කර තිබූ වලංගු රිය පැදවීමේ බලපත‍්‍රයක් අතැතිව සිටි බවත් එය පොලීසිය භාරයට ගෙන තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නොදුන් බවත් පැවසීය. පෙර නඩු දිනයක එය ව්‍යාජ බලපත‍්‍රයක් බවට පැමිණිල්ල මෙහෙයවූ මුතූර් පොලීසියේ නිලධාරියා අධිකරණය හමුවේ චෝදනා කළ බවත් කීය.


ඒ අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරයා පැමිණිලිකාර පොලීසිය අමතමින් එවැනි නිගමනයකට පොලීසිය පැමිණෙන්නේ කෙසේදැයි විමසීය.


තවදුරටත් කරුණු දැක්වූ චුදිත හිමිගේ නීතීඥවරයා පැවසුවේ චුදිත හිමි විසින් පසුගිය අගොස්තු 08 දින වේරහැර පිහිටි මොටර්රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ගොස් උන්වහන්සේගේ ගිහිනමට තිබූ අංක ඞීඑල් 374992 රියදුරු බලපත‍්‍රය පිළිබඳ වාර්තාවක් ලබාගෙන ඇති බවත්ය.  එම වාර්තාව අනුව 1976 ඔක්තෝම්බර් 28 දින නිකුත් කළ එක් බවත් එහි වලංගු බව ජීවිත කාලයටම වන ලෙස නිකුත් කර ඇති බවත් පැවසීය. 


ඒ අනුව චෝදනා ලද රත්නපුරේ දේවානන්ද කිත්ති සහ දෙවුන්දර ගමගේ සේනාධීර යනු එක් අයෙක් බව දිවුරුම් ප‍්‍රකාශයකින් ලබාදී ඇති බවත් කීය. උන්වහන්සේගේ ගිහිනමට නිකුත් කළ හැඳුනුම්පත් අංකය සහිතව පැවිදි නමින්ද හැදුනුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත්තේ මේ නම් දෙකෙන් හඳුන්වන්නේ එක් පුද්ගලයෙකු නිසා බව පිළිගැනීම හේතුවෙන් බව ද නිතීඥවරයා දැනුම් දුන්නේය.


එසේ කරුණු තිබියදී පැමිණිලිකාර පොලීසිය චුදිත හිමියන්ගේ පැවිදි නමින් රියදුරුබලපතක් ඉල්ලීමත් තිබූ බලපත වෙනුවට තාවකාලික බලපතක් නිකුත් නොකිරීමත් වරදක් බව ද කීවේය.


ඒ අනුව චුදිත හිමිට නඩුව අවසන් වනතෙක් උන්වහන්සේ සතුව තිබූ ගිහිනමට වූ බලපත‍්‍රය වෙනුවට තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.


එම ඉල්ලීම පිළිගත් මහේස්ත‍්‍රාත්වරයා තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරන ලෙසත් චුදිත හිමි විසින් නිකුත් කරන ලද බලපත‍්‍රය වලංගු එකක් ද යන්න පිළිබඳව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවන ලෙසත් නියම කළේ ය. 


නීතීඥ ලක්‍ෂමන් බණ්ඩාර මුල්ලේගම මහතා බදුල්ලේ සිට පැමිණ නොමිලේම ඉදිරිපත් වීම විශේෂයක් විය. නීතීඥ ආර්.ඩබ්. නදීෂා මධුවන්ති සහ නීතීඥ මහරුෆ් යන මහත්වරුද චුදිත හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ. මුතූර් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවති. වැඩිදුර විභාගය දෙසැම්බර් 10ට කල් තැබිණි.

 

 



අදහස් (3)

ගිහිකළ නමට ගත් රියදුරු බලපත‍්‍රය වෙනුවට තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරන්නැයි නියෝග

sam Tuesday, 16 October 2018 11:15 AM

76 දී නිකුත් කලානම් ඒක ඒ කාලේ තිබුන රියදුරු බලපත්‍ර "පොත". ඒක පිටු හැට හතරක් පමණ තිබුන 3" X 2 1/2" ප්‍රමාණයේ "රිය පැදවීමේ ප්‍රවීණතා සහතිකය" කියන පොත . එය අවලංගු කර ලයිසන් කාඩ් එක නිකුත් කලාම, පරණ ලයිසන් පොතේ වලංගුභාවය ඒ කාලයේ (80 දශකයේ මුල /මැද විය හැකියි ) උසාවියේ විභාගයට ලක් උනා. තීන්දුව ලැබුනේ "ප්‍රවීණතා සහතිකයක්" එම ප්‍රවීණතාවය තිබෙන තුරු අවලංගු කල නොහැකි බවටයි.

:       35       73

rohana Tuesday, 16 October 2018 01:46 PM

මෙයාට ගිහි කාලේ හිටපු බිරිඳවත් පන්සලේම තියාගන්න ඉල්ලයිද දන්නේ නැහැ...

:       27       0

කල්ප Tuesday, 16 October 2018 01:49 PM

කොටි ගුවන්විදුලිය විකාශය කලේ මෙහි තිබුණු විහාරය විනාශකරලා කියලා දැනගත්තේ... මේ හාමුදුරුවො පෙර දක්ෂ වෛද්‍යවරයෙක්. උන්වහන්සේ එම ප්‍රද‍ේශවාසීන්ට ඉතා හොඳින් බෙහෙත් කරනවා. කැබ්එකේ හැපුණු පුද්ගලයා හැපුනේ වම් පැත්තේ කියන්නේ ඔහු ඇවිත් තියෙන්නේ වැරදි පැත්තෙන්... වැරදිකරුවා හිමියන් විය හැකිද? මෙය අළුයට තිබෙන ගිනි පුපුරක් මතුවීමක්ද බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site