IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගෑස් මාෆියාවෙන් තර්ජනය නිසා ‘ලිට්‍රෝ’ගෑස් හිඟය ඇති වුණා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව කී තෙෂාර ජයසිංහ මහතා එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව ද සඳහන් කළේය.

එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවත් සභාපතිවරයා කීය.

ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවත්ය.

තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.  

‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය.



අදහස් (5)

ගෑස් මාෆියාවෙන් තර්ජනය නිසා ‘ලිට්‍රෝ’ගෑස් හිඟය ඇති වුණා

chandrawansha Friday, 05 November 2021 07:51 PM

මුන්ගේ බැරි බැරියාව වහගන්න මොකක් හරි බොරු මාෆියාවක් මවනවා..

:       9       14

Jcn Friday, 05 November 2021 08:27 PM

මිනිස්සු ගෙවල් වල ගෑස් සිලින්ඩර ගොඩගහගෙන ඉන්නවා කියලා කීවෙ මෙයානෙ.

:       0       1

Sunil Saturday, 06 November 2021 07:00 AM

තමන්ගේ නායකයන්ටත් වඩා ලොකු බොරුකාරයෙක්. දශක කිහිපයක් ගෑස් වෙළදාම සිදු උනා. එත් මෙවන් හිඟයක් හෝ විශාල මිල වැඩිවීමක් මෑත ඉතිහාසයේ සිදු වුනේ නැහැ.

:       0       2

ase Saturday, 06 November 2021 07:53 AM

"ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවත්ය. " ඩොලර් නැති නිසා කියන්නෙ නැතිව මොනවාද මේ බොරු !! නමක් ගම්ක් නැතිව " මාෆියා ", බොරු කාරයෝ .

:       0       2

WCA Saturday, 06 November 2021 11:05 AM

"අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ " දැන් විකුනන්න බැරි හින්ද අලුත් එක "මාෆියා"

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site