IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ගොවියෝ දඹුලු ආර්ථිකයට ගෙන ආ එළවළු මහ මග අලෙවි කරති

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (8) පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව 07 දින පස්වරුවේ නැවත නිවේදනය කර තිබිණි .

ඒ අනුව ඒ වන විටත් එළවළු අස්වනු නෙළා අවසන් වූ ගොවීන් මේ ආකාරයෙන් එළවළු දඹුල්ලට රැගෙන විත් තිබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවල තමන් රැගෙන ආ එළවලු පිටස්තර එන ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර තිබේ .


 



අදහස් (6)

ගොවියෝ දඹුලු ආර්ථිකයට ගෙන ආ එළවළු මහ මග අලෙවි කරති

chaminda Wednesday, 08 April 2020 06:21 AM

රජය සැලැස්මක් හැදිය යුතුයි. කෑම අහක දාන්නෙ නැතුව.

:       0       116

Mahee Wednesday, 08 April 2020 06:41 AM

ගොවියෝ වැනසෙනවා. පාරිභෝගිකයෝ අඬනවා, අතර මැදියෝ හිනැහෙනවා. ආණ්ඩුව අනනවා සහ අනා ගන්නවා.

:       130       702

chandana Wednesday, 08 April 2020 07:42 AM

අපි ඡන්දෙ දෙනවා....

:       1       327

Chamnda Rathnapriya Wednesday, 08 April 2020 08:20 AM

ඉතා හොඳ ප්‍රවනතාවක් . ආර්ථික මධ්‍යස්ථාන යනු මාෆියා මධ්‍යස්ථාන වේ. නුවර එලිය එළවලු නුවර පසුකර දඹුල්ලට තුට්ටු දෙකට අලෙවි කරයි. හගුරන්කෙත එළවලු නුවර පසුකර දඹුල්ලට තුට්ටු දෙකට අලෙවි කරයි. නැවතත් නුවරට අලෙවි කරයි. මොකද්ද මේ විහිලුව...? සියලු ලොරිවලට ගමට ගොසින් අලෙවි කිරීමට අවසර දෙන්න. ඇමතිවරු ගාව ඉන්න අතරමැදියන් මෙයට ඉඩ නොදෙනු ඇත. ගොවියා ගොඩ ගැනීමට හොඳම විසදුමයි. ආර්ථික මධ්‍යස්ථාන යනු කිසිම තෙරුමක් නැති රජයේ වියදම් කර සාදන ලද මාෆියා මධ්‍යස්ථානකි . අතරමැද ඕන තරම් foodcity , Coopcity , සුපර් මාර්කට් , School , Hospital ආමි camp, කුඩා කඩ සහ රාජ්‍ය ආයතන වලට වෙබ් සයිට් එකක් හදා ඇනවුම් බාර දෙන්න. ගොවියා ගොඩ. පාරිභෝගිකයන් ගොඩ. මේ සඳහා web site එකට ඕනෙනම නම් Online ආර්ථික මධ්‍යස්ථාන කියල දන්නා පුළුවන්. ඉන්ධනත් ඉතුරුයි. සල්ලිත් ඉතුරුයි. space unilised කරන්න පුළුවන් ප්‍රයෝජනවත් ලෙසට...

:       0       10

Ajith Wednesday, 08 April 2020 08:30 AM

දැන් සිස්ටම් එක නියමෙට වැඩ කරනවා, කොහොමද අපේ සංවිධාන ශක්තිය.

:       0       0

විපරමා Wednesday, 08 April 2020 08:56 AM

පවුල් ආණ්ඩුවේ අය බයිලා ගහනවා. සමහර නගර වලට එළවළු ප්‍රවාහනය වෙන්නෙත් නැහැ. හරි ක්‍රමවේදයක් නැතිකමින් සමහරවිට එළවළු නාස්ති වෙන්ඩත් පුලුවන් .

:       21       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site