IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා අද (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එයට අදාළ ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා වෙත ඊයේ යොමු කර ඇත.

රෝහණ දේව පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ විද්වත් කමිටු නිර්දේශය මත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය සඳහා රෝහණ දේව පෙරේරා මහතා පත් කරන ලදී.

 

 



අදහස් (14)

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ

විපරමා Monday, 03 February 2020 06:57 PM

ආර්ථික ඔස්තාර්ගේ කෙරුවාවල් ගැන මොන කතාද...?

:       2       510

Dasa P Monday, 03 February 2020 08:54 PM

ගහන්න බලන්න අත්පුඩියක්...

:       31       115

සමන්ත Monday, 03 February 2020 09:44 PM

තවමත් 2500න් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ඩයල් එකක්. ඉතින් කරන්නේ ජෝක් වැඩ...

:       0       108

ranjith Tuesday, 04 February 2020 01:16 AM

මේ රටේ මහජන මතය ගන අවබෝධයක් නැති විද්වත් කමිටු...

:       19       205

MD Tuesday, 04 February 2020 02:02 AM

ඇමැතිතුමනි, පරිස්සමෙන්... ජනපතිගේ කීර්ති නාමයට කැළැල් ඇති නොකරනු. කාටත් සවන් දෙන්න. පසුව ක්‍රියාත්මක වෙන්න. හැබැයි ළමයින්ට ඕනෑ විදිහට විදුහල්පතිලා පත්කරන්න එපා.. ඔබට ජය...!!!

:       68       98

ඉලේපෙරුම Tuesday, 04 February 2020 05:21 AM

මේක පුදුම වැඩක්නේ... හිතා ගන්නත් අමාරුයි. ජනපති විසින් පත් කරන ලද සුදුස්සන් තේරීමේ කමිටුව විසින් පත් කරන ලද සංස්ථා සභාපතිව අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉවත් කරලාලු. හේතුව වෘත්තීය සමිති නව සභාපතිට කැමති නැති වීමලු... ජනපති තීරණයට වඩා වෘත්තීය සමිති තීරණය බලවත්ද?

:       32       59

සංජීව Tuesday, 04 February 2020 05:42 AM

මොනවද මේ විහිලු? අර මනුස්සයාගේ ආත්ම ගරුත්වය එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ? අද පත්කරනවා, හෙට ඉවත් කරනවා. මේ ආණ්ඩුව නම් තනිකරම විහිලුවක් වෙලා. ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්...

:       81       85

samTuesday, 04 February 2020 06:01 AM

සංජීව, ඔයා මේ සභාපතිගේ වැඩ බාරගැනීමේ කතාව ඇහුවා නම් එයාගේ ආත්ම ගරුත්වය ගැන කතා කරන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒ කතාව අහලා මෙයා සිටිය යුත්තේ ගුවන් විදුලියේද, එහෙම නැත්නම් අංගොඩද කියලා තීරණය කරන්න.

:       25       34

saaliTuesday, 04 February 2020 06:37 AM

විද්වත් මණ්ඩලයෙන්, සුදුසුම කෙනාලු තෝරන්නේ... දැන් බැලුවාම ඔක්කොම පිස්සන්...

:       45       117

Nimal ... Tuesday, 04 February 2020 06:35 AM

අර පහුගිය කාෙලෙනේ අවුරුද්දට දෙතුන්දෙනා පත් කරනවා කියලා යකා නැටුවේ. හැම සභාපතියෙක්ම පත්වන්නේ ජනාධිපති අනුමැතියෙන්. මොනවා කරන්නද ඇමෙරිකාවේවත් නැද්ද දන්නේ නෑ සුදුස්සෙක්?

:       13       70

සිරිබිරිස් Tuesday, 04 February 2020 09:04 AM

අපේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු කියලා සින්දුවකුත් තියෙනවා. බලන් ගියාම ඒකෙත් ඇත්තක් නැතුවා නෙවෙයි...

:       0       20

nihal Tuesday, 04 February 2020 03:56 PM

නිමල් මයා .... උගත් සභාපතිවරු ඕනා තරම් මේ රටේ ඉන්නවා. ඒ අයව තෝරා පත්කරන්න උගත් ඇමති වරුයි නැත්තේ. යල්පැනගිය පාඨමාලා හදාරා කටපාඩම් කර විභාග සමත්වී ගත්තු උපාධි සහතිකෙන් උගතෙක් වෙන්නේ නැත.

:       0       0

sharm warn Wednesday, 05 February 2020 04:13 AM

ඔහොම යමු .. අපි බලාගෙන ඉන්නේ හැට අට ලක්ෂේ සතුට භුක්ති විදින හැටි.

:       0       0

sampath Thursday, 06 February 2020 12:10 PM

මේක විකාරයක්නේ. පත් කරනවා ඉවත් කරනවා. කිසිම ආයතනයකට හරියට වැඩක් කරන්න බැරිවෙනවා. ඉන්න අය වැඩ කරන්නෙත් නෑ. හරි හමන් මිනිස්සු පත් කරන්න පත් කරපු මිනිස්සු කරන්නේ මොනවද කියලත් හොයන්න ආණ්ඩුව වට්ටන්නේ ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපයෙන් බව 2015 න් ඉගෙන ගන්න ඕනේ තරම් උදාහරණ දෙන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පතල්කරුවන්ට රක්ෂණයක්
2025 මැයි මස 15 9 0

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට
2025 මැයි මස 15 112 0

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.


කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 434 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 319 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 73 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 569 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1475 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site