IMG-LOGO

ගුවන් ටිකට් මිල ඉහළට

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල)

ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇත.

මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .

 



අදහස් (8)

ගුවන් ටිකට් මිල ඉහළට

nihal Friday, 11 March 2022 10:45 AM

සාප වෙනවා මේ වැඩවලට... අපේ රට විනාශ කරන මේ වගේ අය ඇතිකළ අයටත් එහෙමයි...

:       1       16

vikum Friday, 11 March 2022 12:24 PM

රාජපක්ෂ නඩය මේ රට කාබාසිනියා කරලා ඉවරයි.. දැන්වත් මේක මිනිස්සුනට තෙරෙන් නැද්ද? අලුත් අවුරැද්දට ලංකාවට එන්න හිතාගෙන බැන්න මිනිස්සුන්ට හොඳටම දුන්නා නේද? කිසි මිනිහෙක් සතයක්වත් එවන්න එපා ලංකාවට...

:       1       16

Ruhunu Friday, 11 March 2022 12:51 PM

ලංකාවට එන්නෙත් නෑ. සල්ලි එවන්නෙත් නෑ.

:       0       15

Nuwan Friday, 11 March 2022 01:21 PM

පාකරන්න පාකරන්න කියලා කෑගැහුව කට්ටිය දැන් කෑමොර දෙනවා. මෙපමණ කල් පා නොකලේ ඒක නිසා තමා. මේ ගැම්මටම රජයේ සේවකයන්ට කලින් විශ්‍රාම යන්න කටයුතු සලසලා දුන්නොත් හොඳයි. කට්ටිය කෑ ගහයි. පාරට බහියි. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ...

:       6       0

Soma dubai Friday, 11 March 2022 02:24 PM

මේ වෙලාවේ ටිකට් මිල වැඩි වුණාට කමක් නැහැ. අපි රජයට උදව් කළ යුතුයි.

:       9       1

kapFriday, 11 March 2022 04:40 PM

එන්නකෝ කුඹුර හාන්න... අපිට හරක් පට්ටිය මදිවෙලා ඉන්නේ...!

:       0       0

ගමේ එකාලා Friday, 11 March 2022 04:48 PM

පිස්සු කියවන්නේ නැතුව උදව්කරලා පෙන්වන්නකෝ....! 

:       0       0

විපරමා Friday, 11 March 2022 07:29 PM

දේශපාලුවන්ට, පවුල්වල අයට නම් අවුලක් නැතුව ඇති. කවදත් සෙනඟ පිරිවරාගෙන පිනට සවාරි ගගපු උදවියනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site