IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගංවතුර පහව යයි

(ඩයනා උදයංගනී)

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ හේතුවෙන් ආපදා තර්ජනයට ලක්ව තිබූ සියලු ප්‍රදේශ යථා තත්වයට පත්වෙමින් ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

තද වැසි තත්වය හේතුවෙන් පසුගිය දිනවල වාන් දමමින් පැවති ජලාශ සහ පිටාර ගැලූ ගංගාවලින් සියයට 85ක් පමණ ද මේ වන විට යථා තත්වයට පත්වෙමින් ඇති නිසා යළිත් ක්‍රමානුකූලව ජලාශවල වාන් දොරටු වසා දමමින් සිටින බව ඔහු සඳහන් කළේය.

දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 63,317 කට අයත් 2,22,590 දෙනකු පීඩාවට පත්වූ බවද කොඩිප්පිලි මහතා පැවසීය.

ඉන් අවතැන් වූ පවුල් 13,768 කට අයත් 50,486 දෙනකු ආරක්‍ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, කොළඹ, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මෙම ආපදා තත්වය හේතුවෙන් මරණ 25ක් වාර්තා වූ අතර එක් අයකු අතුරුදන් වී තවත් 7 දෙනකු තුවාල ලබා ඇත.

මෙහි බලපෑමෙන් නිවාස 23 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර  තවත් නිවාස 1,253 කට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 11ක් සඳහා ප්‍රකාශයට පත්කර ඇති නායයෑමේ අවදානම තවමත් ඉවත් කර නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.



අදහස් (0)

ගංවතුර පහව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site