IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 10ක නායයාමේ අවදානම

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් නායයාමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි  ජාතික ගොඩනැගිලි  පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසීය.
 
ගාල්ල කඩවත් සතර, අක්මිමණ, බද්දේගම, ඇල්පිටිය, ඉමදුව, නාගොඩ, නෙළුව, නියාගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රදේශ එසේ නම්කර ඇති බවද බන්දුල මහතා කීය.
 
වඳුරඹ කිඹිකන්දේ කොකාවල  පස් කන්දක් කඩා වැටී කාන්තාවක මියගිය නිවස නායයාමේ අවදානමක් තිබු නිවසක් බවද, එය 2017 නොවැම්බර් 17වන දින ඉවත් කරනලද එකක් බවත් එම නිවැසියන්ට වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදී මුදල්ද ලබාදී ඇති බවත් ඒ අනුව ඔවුන් නිවස ඉදිකරගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.
 
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
 
“මෙම කොට්ඨාසවල හඳුනාගත් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට එම ස්ථානවලින් ඉවත්වන ලෙසට  අනතුරු හැඟවීම් කර තිබෙනවා. නමුත් ඔවුන් යන්න කැමති නැහැ.”
මෙම ප්‍රදේශවල සිදුකරන කවර ඉදිකිරීමක් හෝ ව්‍යාපෘතියක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූමි යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.
 
ඒ අනුව නාය යෑමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මහා මාර්ග, දුම්රිය මාර්ගඉදි කිරීම, අලුත් වැඩියා කිරීම හෝ පුළුල් කිරීම, ජල සම්පාදන හා ජලාපවාහන, වාරි කර්මාන්ත, විදුලි බල, දුරකතන ආදි යටිතල පහසුකම් සංවර්ධනය කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම, ගල් කැඩීම, පස් කැපීම, වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම , මිණිරන් කැනීම ආදිය ඇතුළු සියලුම ඉදිකිරීම්වලදි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතුවේ.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ යෝග්‍යතා සහතිකයකින් තොරව කවර හෝ ඉදිකිරීමක් සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් එම අනුමැතිය ලබාදීමට කටයුතු කළ නගරාධිපති/සභාපති/ලේකම්වරයා ඇතුළු අනුමත කිරීමේ කමිටුව සහ ව්‍යාපෘති අනුමත කරන්නාවූ බලධාරීන් පෞද්ගලිකවම වගකිව යුතුය.
 
අනුමැතියකින් තොරව කරණ ලද ඉදිකිරීමකින් යම් කිසි හානියක් සිදුවුවහොත් හානියේ වටිනාකම අදාළ පාර්ශවයන්ට හෝ රජයට ගෙවීමට නගරාධිපති/සභාපති/ලේකම් වරයා ඇතුළු කමිටුව සහ ව්‍යාපෘති අනුමත කරන්නාවු බලධාරින් පෞද්ගලිකවම වගකීමට බැඳෙන බවත් එම චක්‍ර ලේඛයෙහි සඳහන්වේ.



අදහස් (0)

ගාල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 10ක නායයාමේ අවදානම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site