(අජන්ත කුමාර අගලකඩ)
ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතු හිමියන්ට නැවත ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට ලබාදෙන රුපියල් කෝටි 855 ක පමණ ණය මුදල මහ බැංකුවට දෙන ප්‍රදානයක් ලෙස සලකන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතුකරුවන්ට නැවත ගෙවීමට මහාභාණ්ඩාගාරය රුපියල් කෝටි 855 ක පමණ මුදලක් මහබැංකුවට ණය මුදලක් ලෙස ලබාදීමට තීරණය කර තිබිණි.
ඉන් රුපියල් කෝටි 819 ක පමණ මුදලක් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට මහාභාණ්ඩාගාරයෙන් මහබැංකුවේන් නිදහස් කර තිබිණි.
එම ණය මුදල ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ වත්කම් ඈවර කිරීමේන් ලැබෙන ආදායමෙන් අයකර ගැනීමටද මහාභාණ්ඩාගාර අනුමැතිය දී තිබිණි.
එහෙත් එම වත්කම් වල වටිනාකම රුපියල් කෝටි 59 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
එම වත්කම් ඈවර කිරීමෙන් ලැබෙන මුදල මහාභාණ්ඩාගාරයට ලබාගෙන එය රජයේ ආදායමක් ලෙස ඇතුළත් කර ගැනීමටද අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අවසරය ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් කොහොම හරි අන්තිමේට වෙන්න ඕනා 2/3 ලබාගැනීම.
බැංකුවෙන් දෙන ණය මුදලක් නොගෙවා ඒක ප්‍රදානයක් හැටියට හරවාගන්න පුළුවන්කම තියෙන්නේ දේශපාලන අයටයි ඒ ගොල්ලන්ගේ හිතවතුන්ටත් විතරයි.
ඔය කාගේ සල්ලි ගැනද කතාව. අපේ බදු මුදල්. ගෝල්ඩන් කී එකේ මුදල් තැන්පත් කරලා තිබුනේ ඒකෙ අවදානම දැනගෙන ලොකු පොලි ගන්න. අනික බොහෝ දෙනෙක් නීත්‍යනුකුල නොවන අදායම් මාර්ග වලින් උපයපු බදු නොගෙවපු මුදල්. වැඩේ ලෙඩේ වුනාට පස්සේ අනුන්ගේ සල්ලි වලින් බදු මුදලින් තමන්ගේ පව් වහ ගන්න ඉල්ලන එක හෙන ගහන අපරාධයක්. ඕනෙම වැඩි පොලි දෙන ආයතනයක් වැඩි අවදානම් කියලා දන්නේ නැතිනම් ඉතින් නීතිය නොදන්නාකම නිවැරදි කරුවෙක් වීමට හේතුවක් නොවෙයි කියන කියමනට යටත් වෙන්න ඕනේ. හරිනම් ඔය බොහෝ තැන්පත් කරුවෝ වංචාකල බදු වලට දඬුවම් ලබන්නත් ඕනේ.
මහජනතාවගේ මුදල් එක එක්කෙනාට ප්‍රදාන හැටියට දෙන්නේ කොහොමද?
අවසාන ප්‍රතිඵලය මහජනතාවගේ බදු මුදලින් හොර තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමයි...