( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරි මහ මැතිවරණය සඳහා කලුතර , කොළඹ , කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙනුවෙන් තම නායකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂය බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු එම පක්ෂයේ පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් එම පෙත්සම්කාර පාර්ශවය විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම් අද (25) සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ඇස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
මෙම කරුණට සමානවම තම පක්ෂය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගය එම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් , ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලදී.
අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපේ ජන බල පක්ෂය යටතේ තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පෙත්සම්වලින් සඳහන්වූයේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් පෙත්සම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් කටයුතු කළ බවය.එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බව පෙත්සම් වල සඳහන් විණී.
මේ හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ගත් තීරණ නීතියට පටහැනියැයි තීන්දු කොට එම තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඊට අමතරව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී