(නිමල කොඩිතුවක්කු)
ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවය ඇතුළු ගැටලූ මුල් කරගනිමින් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22 ක් රාජ්‍ය සේවය තුළ පවත්නා බරපතල වැටුප් විෂමතාව හා මාස 30ක හිඟ වැටුප් කප්පාදුවට විසදුම් ලබා නොදීමත්, 2016 වර්ෂයේ සිට පත්වීම් ලබන්නන්ගේ විශ‍්‍රාම වැටුප අහිමි කිරීමටත් දැඩි විරෝධය පළකර මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග වල නිරත වන බවද ඔහු සඳහන් කළේය.
පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධා කරන වැඩ පැවරිමටත්, පාසල් සිසු විනය රකින ගුරුවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් නොකිරීම සම්බන්ධයෙන්ද ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටින බවද ජයසිංහ මහතා පැවැසීය.
ඉදිරි සති 02 ක කාලය තුළ මෙම ගැටළු විසඳීමට කටයුතු නොකරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
471
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට වෘත්තිය මඟට යනවා’
කරුණරත්න විජේකෝන් Sunday, 12 January 2020 04:57 AM
2020 න් පසු විශ්‍රාම ලැබු පළමු ශ්‍රේණිය විදුහල්පතිවරයෙකුගේ වැටුප අතර විශාල පරතරයක් පවතිනවා...