(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණවලට ඈඳා ගැනීම නිසා ඉදිරියේදී කොරෝනා ගුරු පොකුරක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ උද්ඝෝෂණ මෙහෙයවන වෘත්තීය සමිති නායකයන් ඒවාට වගකිව යුතු වන බවද හෙතෙම සඳහන් කළේය
මේ අතර කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
කෙසේ වෙතත් ඉන් රෝහල් ධාරිතාවයට බලපෑමක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයින් 66 දෙනෙකු මෙරටින් මේදක්වා හඳුනාගෙන ඇති බවත් ඉන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඩෙල්ටා ආසාදනයවූ පුද්ගලයන් 66 දෙනාට අමතරව අනෙක් පුද්ගලයන්ට ආසාදනයවී ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය බව පැවසූ හෙතෙම සෞඛ්‍ය නීති නිසියාකාරව පිළි නො පැද්දහොත් කොරෝනා අවදානම උත්සන්න විය හැකි බවද ගුණවර්ධන මහතා පැවැසීය .
රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් ප්‍රමාණය රෝහල්වල තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
’’ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක්’’
කිරි පුතා Monday, 26 July 2021 10:28 AM
වැඩ වර්ජන පොකුරක් බිහි වුණොත් ඒ ටිකට අවශ්‍ය දේ තමයි ඒ..
සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 July 2021 10:30 AM
පොකුරු නිර්මාණය කරන්න මුලින්ම තමන්ගේ කට්ටිය හේතුවූ බව දැන් දැන් අමතකයි වගේ...