(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තීය සේවාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් වූ පසු ගුරුවරුන් 4971 දෙනෙකු ගුරු උපදේශකවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතය.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ දී මේ බව ප්‍රකාශයට පත් විය.
ඒ අනුව වසර 62 ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණු ගුරු උපදේශක වෘත්තීය ගැටලුව මේ හරහා විසඳෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd