IMG-LOGO

ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක්

(සුමිත් පොතුපිටිය)

ප්‍රසිද්ධ  රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

මෙහිදී රෝහල් ගතකර ඇත්තේ  කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි  ජාත්‍යන්තර පාසලක  ඉංග්‍රීසි ගුරුවරියක් බව පොලිසිය කීය.

රංගන ශිල්පීයා තවත් මිතුරන් සිව්දෙනෙකු සමග සාදයකට සහභාගි වී  මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී , මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගත් ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසෙයි.

යතුරුපැදිය ගුරුවරියගේ පියා පදවා ඇති අතර අනතුරින් ඔහුට හානියක් සිදුවී ‌නොමැති බව පැවසෙයි

ප්‍රදේශවාසීන් එක්ව  මහා මාර්ගයේ ඇදවැටී සිටී ගුරුවරිය ත්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇති අතර, ඇය අදම (04) ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මොටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ස්වසන නාල පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බව පොලිසිය කීය.

බීමත්ව සිටී පිරිස සමග ප්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව  ඇතිව ඇති බවත්, එය පසුව ගුටි කෙළියක් දක්වා වර්ධනය වී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය. 

ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කල රංගන ශිල්පීයා දැඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයිද පැවසෙයි.

කළුතර උතුර  ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක දයන්ත වටගෙදර මහතාගේ උපදෙස් පරිදි , සැරයන් සී.ජේ.විතානාඅරච්චි (27576), කොස්තාපල්වරුන් වන එම්.එම්.ලක්මාල් (72157) සහ එම්.ඩබ්ලිව් .එස්. රුවන්  (61911) පරීක්ෂණ පවත්වති .



අදහස් (16)

ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක්

නෝනෝම් Friday, 04 March 2022 06:48 PM

නම දාන්න බයද?

:       0       117

බද්රානි Friday, 04 March 2022 07:48 PM

ලංකාවේ නලා කාරයින් හිතාගෙන ඉන්නේ ඔවුන් මහා කෙරුම් කාරයින් කියලයි. සමහරක් මෝඩයින්ගේ ජනප්‍රියත්වයෙන් උද්දාමයට පත් වෙලයි මොවුන් ඉන්නේ. ඒ පුහු ජනප්‍රියත්වය ප්‍රයෝජනයට අරගෙන දේශපාලකයින්ගේ සුරතලුන් බවට පත්වෙමින් ජනතාවට ලොකුකමත් පෙන්වන්න දඟලනවා. පුවතේ හැටියට තනිකරම වැරැද්ද නළුවාගේ අතේ. ගහන්න ඕනෑ අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්නම... අපි දැක්කනේ මෝඩ තකතීරු ලංකාවේ කලා කාරයින් මැතිවරණය වෙලාවේ දඟලපු දැඟලිල්ල...

:       2       156

ගමේ එකාලා Friday, 04 March 2022 08:24 PM

කවුද දන්නේ නැහැ ඔය කියන නලු බට්ටා..?. මහාලොකුවට ජනප්‍රියයි කියලා හිතාගෙන ඉන්න සමහරුන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනතුරු කරලා ඇඟ බේරාගත්තු අයත් ඉන්නවානේ?

:       0       104

indika Friday, 04 March 2022 08:55 PM

නළුවෝ කොහෙත් එකයි... අර විකටයෙක් ජනාධිපති වෙලා කන්නේ හොඳ කෑමක්...

:       22       221

BamunuarachchiSaturday, 05 March 2022 08:16 AM

ඒ විකටයා නොහිටින්න ඔහෙලා මේ වනවිට ප්‍රභාකරන්ගේ තෝස කඩවල කෙහෙල්කොළ හෝදනවා.

:       57       9

AnuraSaturday, 05 March 2022 02:25 PM

දැන් නම් කොටි හිනාවෙනවා ඇති... විකටයා රටට කරන දේ දැකලා..

:       4       30

ගමේ එකාලාSaturday, 05 March 2022 02:40 PM

හොඳටම කරපු බව පේනවා... ජනතාව පෝලිම් වල ඉඳන් සාපකරන හැටි දැක්කාම. ආරක්ෂාවට වග කියන බලලෝභී, දූෂිත පාලකයන් කරපු හරිය දැන් ලෝකෙම දන්නවා. වහල්ලුන්ට නම් කොහොමත් එකයි..

:       2       23

BamunuarachchiSaturday, 05 March 2022 06:47 PM

ගමේ අයයි, අපියි හිතන විදිහ බොහෝම වෙනස් ගමයෝ...

:       10       4

BamunuarachchiSaturday, 05 March 2022 08:17 AM

අන්න එහෙම නළුවෙක් තමයි... දැන් කූඩුවේ ඉන්නේ...!

:       22       6

fairoosSunday, 06 March 2022 01:08 PM

අනේ මෙහෙමත් ලැජ්ජා නැතිකමක්...!

:       0       5

Prabha Saturday, 05 March 2022 01:16 AM

සිනමාවේ බොරුවට කරන දේවල් මහ පාරෙදි ඔට්ටු නෑ මහත්තයෝ...

:       0       14

Udaya kindrajith Saturday, 05 March 2022 04:58 AM

ගහපු එක සාධාරණයි... අපේ රටේ නීතියෙන් මේ අයට හරි දඬුවමක් ලැබෙන්නෙත් නෑනේ.. ගුරුවරියට සෑහෙන වන්දියකුත් අරන් දිය යුතුයි.

:       0       14

Dengu Nona Saturday, 05 March 2022 06:34 AM

විකටයා කවුද යන්න පෙනෙනවා...!

:       0       5

Sanjeewa Saturday, 05 March 2022 08:50 AM

පොඩි මිනිහෙක් වුණා නම් බලාගන්න තිබ්බා...!

:       0       14

p.d goonawardena Saturday, 05 March 2022 08:57 AM

නැව් ගුටි දෙන්න ඕනෑ..

:       0       12

Chinthaka Saturday, 05 March 2022 10:52 AM

ඔය නලු බට්ටෝ වාගේම තමයි සමහර සිංදු කියන අයත්... විශේෂයෙන්ම තාත්තලාගේ සිංදු කියලා ගොඩගිය පුත්තු... හැමෝම නෙමෙයි... එක්කෙනෙක් ඉන්නවා හරියට හිතට ගත්තු...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site