IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 37872 ක්

(බිඟුන් මේනක ගමගේ) 

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන  සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහ  යටතේ ග්‍රාමීය ප්‍රජා කමිටු මගින් හඳුනා ගත් සංවර්ධන ව්‍යාපෘති 37,872 මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ආරම්භකර ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන  සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා වන රැස්වීමකකදී මේ බව අනාවරණය විය. 

සපිරි ගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2020 යටතේ දිවයිනේ පිහිටි 14,021 වන සියළුම ග්‍රාම නිළධාරී වසම් ආවරණය වන පරිදි වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් ලක්ෂ 2 80420 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. 

මෙම ව්‍යාපෘති අතර මාර්ග, පාලම්, බෝක්කු ඇතුළු ගමනාගමන සහසුකම් සංවර්ධන ව්‍යාපෘති, වාරිමාර්ග හා කෘෂි අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීම්, ග්‍රාමීය මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන ඇති කිරීම, ප්‍රජා පානීය ජල සැපයුම්, ග්‍රාමීය සෞඛ්‍ය  මධ්‍යස්ථාන නවීකරණය හා පාසල් සඳහා විදුලිය, ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඇති කිරිම ආදී ව්‍යාපෘති ඇතුලත්ය.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. ඩබ්.ඒ. කුමාරසිරි, ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයන්ති ද සිල්වා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල්. සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු  ජාතික අයවැය දෙපාර්තමේන්තුව, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිළධාරීන් සහ සියළුම දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින්  ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරු මේ සදහා සහභාගී වූහ.

 



අදහස් (5)

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 37872 ක්

Chathuri Tuesday, 11 February 2020 10:44 PM

වෙන කිසිම රටක් මේ විදියට සංවර්දනය කරලා නැතිව ඇති , මෙගොල්ලෝම සංවර්දනය කරලා ඒ කරපු හැමදෙයක්ම නැවත යනකොට අරන් යනවා තුන්ගුණයකින්. දැන් මේ යට කරන මුදල් වල බිල් පරික්ෂා කරන්නේ මේ ගොල්ලෝ නොවේ, අලුත් ආණ්ඩුව. මේ ආණ්ඩුව බලන්නේ පැරදිලා ගිය කට්ටියගේ බිල් ඒකයි ප්‍රශ්නේ , ලැජ්ජාවකුත් නැහැ දෙගොල්ලොම.

:       249       2

mahinda Wednesday, 12 February 2020 02:04 AM

මේකේ ප්‍රධාන වෙන්න ඕනේ කුඩා වැව් පිළිසකර කරන එක, ඒක නැහැනේ.

:       0       41

කපුරුහාමි Wednesday, 12 February 2020 08:05 AM

ආසියාවේ ආස්චර්ය වගේද ? පවුල් පාලනේ හත්මුතු පරම්පරාවම සංවර්ධන වූනු හැටි රටම නොදන්නවා නෙවෙයි ?

:       156       2

SUNIL MILANO Wednesday, 12 February 2020 08:45 AM

බුදුරදුන්ගේ කාලෙත් දේවදත්තලා හිටියා.

:       1       202

එරාන් Sunday, 16 August 2020 02:08 AM

දිළිඳුකම පිටුදැකීම හා මන්දපෝෂණය අවම කිරීම සඳහාත් නව කර්මාන්ත සඳහා ජනතාව පෙළඹවීමටත් ජනසවිය හා සමාන වැඩසටහන් අවශ්‍ය වන්නේය.. අඩු ආදායම් ලාභියාට මාසිකව මුදලක් ඉතිරිකිරීමේ ගිණුමක තැම්පත් වන අතර වියළි ආහාර හා අත්‍යාවශ්‍ය දෑ ගැනීමට මුදලක් හෝ වවුචරයක් අතට ලබාදිය යුතුයි.. ඉතිරි කිරීමේ තැන්පතුව මත නව කර්මාන්ත සඳහා පොලී රහිත ණය ලබාදීම කළ හැකිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site